° Chapter 36 °

150 34 16
                                    

" නූනා "

කෝල් එක ආවට පස්සෙ ජන්කුක් වගේම ආරිත් ඒ ගමන්ම ගියෙ සෝල් නැෂනල් හොස්පිටල් එකට.ජන්කුක් ආරිගෙ අතිනුත් අල්ලගෙන කොල්ලා ගියෙ මීරන් හිටිය තැනට.
ජන්කුක් යනකොට කෙල්ල හිටියෙ කොරිඩෝ එකේ තිබ්බ පුටුවකට වෙලා ඉදගෙන අඩ්
ජන්කුක් ගිය ගමන් කෙල්ල ගාවින් ගිහින් ඉදගන්නකොට මීරන් කරේ ජන්කුක්ව හග් කරපු එක.

" කුකී ටේ 🥺🥺🥺 "

මීරන් අඩ අඩ එහෙම කියනකොට ජන්කුක් කරේ කෙල්ලගෙ ඔලුව අත ගාපු එක.

" නූනා ප්ලීස් අඩන්නෙ නැතුව ඉන්න.හ්‍යුන්ට මුකුත්ම වෙන්නෙ නෑ."

ජන්කුක් එහෙම කිව්වට මොකද කොල්ලගෙ හිතේ වුනත් මේ වෙලාවෙ තිබ්බෙ ලොකු බයක්.ඊටත් වඩා කොල්ලගෙ හිතේ තිබ්බෙ පසුතැවීමක් වගේ දෙයක්.ඇත්තම කිව්වොත් ජන්කුක් බය වෙලා හිටියෙ ආයෙ කවදාවත් ටේහ්‍යුන් එක්ක තමන්ට කතා කරන්න බැරි වෙයි කියලා.

"ටේව ඔපරේෂන් එකට ගත්තා ජන්කුක් ."

ජන්කුක්ගෙ පිටිපස්සෙ හිටිය කෙනෙක් එහෙම කියනකොට ජන්කුක් පිටිපස්ස හැරිලා බැලුවා. ඒ වෙලාවෙ තමා කොල්ලා දැක්කෙ ජිමින්ව.ජන්කුක් ඉදගෙන ඉන්න තැනින් නැගිටලා ජිමින් ලගට යනකොට ආරි ගිහින් මීරන් ලගින් ඉදගත්තා .

" ඩොක්ටස්ලා මොකද කියන්නෙ  හ්‍යුන් '

" ඔලුව ගොඩක් ඩැමේජ් වෙලා ජන්කුක් .ටේගෙ ඔපරේෂන් එක ඉවර වෙනකන් ඩොක්ටර්සලට මුකුත් කියන්න බෑ කියනවා."

" ඒත් හ්‍යුන්ට කොහොමද මෙහෙම දෙයක් වුනේ ? හ්‍යුන් කෙයාලස් විදිහට ඩ්‍රයිව් කරන කෙනෙක් නෙමේ .කවදාවත් හ්‍යුන් ස්පීඩ් යන්නෙත් නෑ."

ජන්කුක් එහෙම කියනකොට ජිමින්

" ටේ ස්පීඩ් ගිහින් නෑ ජන්කුක් .හැබැයි ටේ ඒ වෙලාවෙ හොදටම ඩ්‍රින්ක්ස් අරන් ඉදලා තියන්නෙ.මන් දන්න විදිහට කොල්ලා මේ දවස් ටිකේම හොදටම ඩ්‍රින්ක්ස් ගත්තා.ටේ නෝමල් ස්පීඩ් එකේ ගියාට ටේව හප්පපු වාහනෙ ගොඩක් ස්පීඩ් එකේ ඇවිල්ල තියෙන්නෙ ජන්කුක්.නැත්තන් මෙච්චර ලොකු ඩැමේජ් එකක් ටේට වෙන්නෙ නෑ.
වැරැද්ද ටේගෙ නෙමේ වුනත් අපිට කිසිම ඇක්ෂන් එකක් ගන්න විදිහකුත් නෑ ජන්කුක් .CCTV බැලවපු ඔප්පුවෙනවා ටේගෙ අතේ වැරැද්දක් නෑ කියලා."

°Change ||KTH (On going)Where stories live. Discover now