• Chapter 19 •

312 46 29
                                    

ටේහ්‍යුන් රූම් එකට වෙලා නිදාගෙන හිටිය මීරන් නැගිට්ටෙ කිචන් එකෙන් ඇහුන සද්දයක් නිසා.මීරන් නැගිටලා තමන්ගෙ එහාපැත්ත බලනකොටනම් ටේහ්‍යුන් හිටියෙ නෑ.

" ඇයි මන් ටේහ්‍යුන්ගෙ රූම් එකෙ.අනික ඇයි මේ මන් ටේහ්‍යුන්ගෙ හූඩි එක ඇදගෙන ඉන්නෙ.🤔🤔🤔 "

මීරන් එහෙම කල්පනා කරන ගමන් ඇදෙන් නැගිට්ටෙ රූම් එකෙන් එළියට යන්න කියලා හිතගෙන.හැබැයි කෙල්ල නැගිට්ට ගමන් වුනේ බිම ඉන්දවුන එක.මීරන්ට ටිකින් ටික රෑ වෙච්ච දේවල් මතක් වෙන්න ගන්නකොට කෙල්ලගෙ කම්මුල් දෙක රෝස පාට වෙන්න ගත්තා.

" ඒ කියන්නෙ ඊයේ රෑ මායි ටේහ්‍යුනුයි අතර.😳😳😳.මට මතක විදිහට ටේහ්‍යුන් මගෙන් සමාව ඉල්ලුවා.අපි දෙන්න අතර ඒ වගේ දෙයක් වෙන්න කලින් ටේහ්‍යුන් සමාව ඉල්ලුවා."

මීරන් තමන් එක්කම එහෙම කියනකොට කෙල්ල දොර දිහා බැලුවා.ඒ වෙලාවෙ තමා ටේහ්‍යුන් මීරන්ගෙ බ්‍රෙක්ෆස්ට් එකත් අරන් රූම් එක ඇතුලට ආවෙ.
ටේහ්‍යුන් ඇතුලට එනකොට කෙල්ල බිම වැටිලා ඉන්නවා දැක්ක නිසා ටේහ්‍යුන් තමන්ගෙ අතේ තිබ්බ ට්‍රේ එක නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තියලා කෙල්ල ගාවට ගිහින් මීරන්ව උස්සල ඇද උඩින් තිබ්බා.
ටේහ්‍යුන් කෙල්ල ගාවින්ම ඉදගෙන මීරන් දිහා බලන් හිටියෙ හරියට තමන්ගෙ අතින් වැරැද්දක් වුනා වගේ.

" මීරන් මට සමාවෙන්න .😔😔😔.මන් කීයටවත් හිතුවෙ නෑ ඔයාගෙ පමිෂන් එක නැතුව ඒ විදිහෙ දෙයක් කරන්න.ඇත්තටම මට සමාවෙන්න මීරන්.මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.සමහරවිට ඔයා මාත් එක්ක කේන්තියෙන් ඇති.නැත්තන්  මන් කරපු දේ ඔයා මට වෛර කරන්න 😐😐😐 "

ටේහ්‍යුන් ඉතිරි ටික කියන්න කලින් මීරන්ගෙ ටේහ්‍යුන්ගෙ ලිප්ස් වලට පෙක් එකක් දුන්නා.

" ටේහ්‍යුන් ඇයි මන් ඔයා එක්ක කේන්ති ගන්නෙ කියන්නකෝ.මන් දැන් virgin නෑ.මොන කෙල්ලද අකමැති තමන් ආදරේ කරන පිරිමි කෙනාගෙ අතින් තමන්ගෙ virgin කම නැති කරගන්න.ඔයා දන්නවද ටේහ්‍යුන් ඇත්තටම මන් ගොඩක් ලකී.
මන් කීයටවත් හිතුවෙ නෑ ටේහ්‍යුන් ජිමින්ගෙ පස්සෙ මගෙ හිතේ වෙන කිසිම පිරිමි කෙනෙක්ට ඉඩක් දෙන්න පුලුවන් වෙයි කියලා.මන් එදා හිතුවෙ දේ වැරදියි ටේහ්‍යුන්.මේ වෙනකොට ඔයා මගෙ මුලු ජිවීතේම වෙලා ඉවරයි ටේහ්‍යුන්.
I love you Teahyung ."

°Change ||KTH (On going)Where stories live. Discover now