° Chapter 34 °

200 37 10
                                    


" ටේ මොකද වුනේ ? "

මීරන් එහෙම අහන ගමන් කොල්ල ගාවින් ඉදගත්තා.ටේහ්‍යුන්ගෙ කෝල් එකෙන් පස්සෙ කෙල්ල කෙලින්ම ආවෙ ටේහ්‍යුන්ගෙ ඔෆිස් එකට.මීරන් කොල්ලගෙ කැබින් එක ඇතුලට යනකොට ටේහ්‍යුන් හිටියෙ සෝෆා එකේ ඉදගෙන.
කෙල්ල ඒ වෙලාවෙ හොදට දැක්කා කොල්ලගෙ ඇස් දෙක රතු වෙලා තියෙනවා.ඒකෙන්ම කෙල්ලට කියන්න පුලුවන් වුනා ටේහ්‍යුන් අඩ අඩ හිටියෙ කියන්න.
ඒකට සාක්කි වුනේ කොල්ලගෙ රතු වෙලා තිබ්බ ඇස් දෙක වගේම කොල්ලගෙ කම්මුල් වල තාමත් තිබ්බ වේලිච්ච කදුලු පාරවල්.

" ටේ."

මීරන් කොල්ලගෙ නම කියන ගමන් කොල්ලගෙ උරහිසෙන් අත තියනකොට ටේහ්‍යුන් ඔලුව උස්සලා කෙල්ලගෙ මූණ දිහා බැලුවා.

" ටේ මොකක්ද වුනේ ? අනික කොහොමද ජන්කුක් ඇත්ත දැනගත්තෙ."

" මට ඇත්ත කියන්න වුනා මීරන්."

" ඒත් ඇයි ටේ ? අපි දෙන්නම එදා ප්‍රොමිස් වුනා නේද ජන්කුක්ට කවදාවත් මේ ඇත්ත කියන්නෙ නෑ කියලා."

" මම ජන්කුක්ට මුකුත් කිව්වෙ නෑ මීරන්.ජන්කුක් කෙලින්ම ඇවිත් මගෙන් ඇහුවා මම එයාගෙම මල්ලි නෙමේද කියලා.ජන්කුක් මගෙන් ඇත්ත මොකක්ද කියලා අහනකොට මන් වෙන මොනාද කරන්නෙ මීරන්.ජන්කුක් කොහොම ඇත්ත දැනගත්තද කියන්න මම දන්නෙ නෑ.
ඔයා දන්නවනේ මීරන් ජන්කුක් මොනා ඉල්ලුවත් මන් ඒ දේ කරනවා කියන එක.
ජන්කුක්ගෙ මූණ දිහා බලාගෙන මම කොහොමද බොරුවක් කියන්නෙ.මන් වෙච්ච හැමදේම ජන්කුක්ට කිව්වා මීරන්.මේ වෙනකන් හංගන් හිටිය හැමදෙයක්ම කිව්වා."

" හැමදෙයක්ම කිව්ව කියන්නෙ එතකොට කුකී දන්නවද මම එයාගෙ "

" ඔව්."

" ජන්කුක් මොකක්ද කිව්වෙ ? "

" ඒක තමා ප්‍රශ්නෙ මීරන්.මන් හැම ඇත්තක්ම කියලත් කොල්ලා කිසිම දෙයක් කිව්වෙ නෑ.අඩුම ගාණෙ මන් හැමදෙයක්ම හැංගුවා කියලා මට බැන්නනම් මට දුකක් නෑ මීරන්.අඩුම ගාණෙ ජන්කුක් එක වචනයක්වත් මාත් එක්ක කතා කරේ නෑ.ජන්කුක් මාත් එක්ක එක වචනයක්වත් කතා කරන්න කැමති නෑ කියන්නෙ එයා මට වෛර කරනවා ඇති මීරන්."

°Change ||KTH (On going)Where stories live. Discover now