• Chapter 16 •

298 44 12
                                    

මීරන් උදේ නැගිටිනකොට ටේහ්‍යුන්නම් හිටියෙ හොදටම සෝෆා එකේ නිදාගෙන.ඇත්තම කිව්වොත් කොල්ල පාන්දර වෙනකන්ම සෝෆා එකෙ පෙරලි පෙරලි හිටියෙ.
කොල්ලට සෝෆා එකේ නිදාගෙන පුරුදු නැති නිසා කොල්ලට නින්ද ගියේ පාන්දර වගේ.
මීරන් ඇද උඩ ඉදගෙන තමන්ගෙ ෆෝන් එකෙන් වෙලාව බලද්දි තමා කෙල්ලගෙ ඇස් උඩ ගියෙ.

" වෙලාව දහයයි මන් මෙච්චර වෙලා නිදාගත්තද ? ඊයේ ඩ්‍රින්ක්ස් ගත්ත වැඩියි වගේ .හොදටම පරක්කුයි."

මීරන් එහෙම කියාගෙන ඇදෙන් නැගිටලා රූම් එක දිහා බලද්දි තමා කෙල්ලට තේරුනේ තමන් ඉන්නෙ ටේහ්‍යුන්ගෙ රූම් එකේ කියන එක.

" මන් ටේහ්‍යුන්ගෙ රූම් එකේ මොකද කරන්නෙ ? 🤔🤔🤔.ඒ කියන්නෙ ඊයේ රෑ ටේහ්‍යුන්ගෙ රූම් එකේද නිදාගත්තෙ.ඒක නිසාද ටේහ්‍යුන් සෝෆා එකේ ඉන්නෙ.
මොනාද ඇත්තටම ඊයේ වුනේ."

මීරන් ඇවිදගෙන ටේහ්‍යුන් ළගට ආවට මොකද කොල්ලනම් හිටියෙ හොදටම නිදාගෙන.

" ඔයානේ පොඩි එකා වගේ නිදාගන්නෙ ටේහ්‍යුන්.කොට්ටෙත් බදාගෙන ඉන්නකොට පොඩි එකෙක් වගේමයි.කියුට් .😊😊😊"

මීරන් ටේහ්‍යුන් දිහා බලාගෙනම එහෙම කිව්වෙ මොකද කිව්වොත් ටේහ්‍යුන් හිටියෙ පොඩි එකෙක් වගේ කොට්ටෙත් බදාගෙන නිදාගෙන.මීරන් තමන්ගෙ අත කොල්ලගෙ සිනිදු කොණ්ඩෙ අස්සෙන් ගෙනියකොට ටේහ්‍යුන් ඇස් ඇරියා.

" සොරි මන් ඇහැරවන්න හිතුවෙ නෑ ටේහ්‍යුන් "

මීරන් එහෙම කියනකොට ටේහ්‍යුන් සෝෆා එකෙන් ඉදගන්නකොට කොල්ලගෙ අත කෙලින්ම ගියෙ තමන්ගෙ කොන්දට.

" අම්මෝ කොන්ද 😖😖😖"

" ඇයි මොකද වුනේ ? "

" අනියෝ මීරන් මුකුත් නෑ . ඔයා ගිහින් වොෂ් එකක් දාගන්න.මාත් වොෂ් එකක් දාගන්න යන්න ඕනේ."

ටේහ්‍යුන් එහෙම කියලා නැගිටින්න හදනකොට මීරන් ටේහ්‍යුන්ගෙ අතින් අල්ල ගත්තා.

" සෝෆා එකේ හිටිය නිසාද කොණ්ද රිදෙනවද ? සොරි ටේහ්‍යුන් මන් හින්දනේ සෝෆා එකේ නිදාගන්න වුනේ ඔයාට."

" පිස්සුද එහෙම මොනවත් නෑ.සෝෆා එක කියන්නෙ මට නිකන් ඇද වගේ තමා.🙂🙂🙂🙂.කොණ්දෙ රිදෙන්නෙ නෑ මට."

°Change ||KTH (On going)Where stories live. Discover now