° Chapter 30 °

236 40 12
                                    

Flashback

1 year and 7 months ago

ටේහ්‍යුන් මිලිටරි යන්න හරියටන සතියකට කලින් ටේහ්‍යුන් මීරන් ජන්කුක් ආරි හතරදෙනාම ඩිනර් එකකට ගියා.ටේහ්‍යුන් ගානෙ තමා ඩිනර් එක තිබ්බෙ.
ඒ දවස් වල වුනත් ජන්කුක් ආරි දෙන්නනම් පොඩ්ඩ ඇත්නම් මරාගන්නවා.අදත් එහෙම දෙයක් තමා වුනේ.

ටේහ්‍යුන් මීරන් දෙන්න ඩිනර් එකෙන් පස්සෙ කෙලින්ම ඩේගු ගියේ ජන්කුක් ආරි දෙන්න තාමත් රෙස්ටුරන්ට් එකේ ඉන්නකොට.අනිතිමට වුනේ ආරිට මලපැනලා  රෙස්ටුරන්ට් එකෙන් එළියට ආව එක.ඇත්තම කිව්වොත් මලපැනලා කියනවට වඩා කෙල්ලට ජෙලස් හිතුනා කිව්වනම් හරි.
මොකද ඉතින් රෙස්ටුරන්ට් එකේ හිටිය සමහර කෙල්ලො ජන්කුක්ට ඇස් ගහන ගමන් හිටියෙ.ජන්කුක්ට වුනත් ආරිව අවුස්සන්න ඕන නිසා කොල්ලා හිටියෙත් ඒ කෙල්ලො එක්ක හිනා වෙවී.

රෙස්ටුරන්ට් එකෙන් එළියට ආව කෙල්ල ගියේ ජන්කුක්ගෙ කාර් එක නවත්තලා තියෙන තැනට.කෙල්ල කාර් එක නවත්තලා තියෙන තැනට යනකොට කෙල්ල දැක්කෙ ජන්කුක්ගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා තිබ්බ කාර් එක ලග කොල්ලො තුන්දෙනෙක් ඩ්‍රින්ක්ස් ගන්නවා.

කෙල්ල ඒ තුන්දෙනා දිහා බලන්නෙවත් නැතුව කොල්ලගෙ කාර් එක ලගට ගිහින් දොර අරින්න හැදුවට මොකද කාර් එක ලොක් කරලා තිබ්බෙ.ඒ වෙලාවෙ පාක් එකේ කෙල්ලෙක්ට කියලා හිටියෙත් ආරි විතරයි.

" ජන්කුක් ගාවනේ යතුර 😒😒😒 දැන් මොකද කරන්නෙ ?ජන්කුක් ඉන්න කියනකොට පණ්ඩිතකමට ආවනේ තනියෙන්."

කෙල්ල තමන් එක්ක එහෙම මුමුණන ගමන් කාර් එකට හේත්තු වුනා.ඒ වෙලාවෙ තමා අර කොල්ලො ටික කෙල්ල ලගට ආවෙ .

" මොකක් හරි ප්‍රශ්නයක්ද ඒන්ජල්.අපිට පුලුවන් උදව් කරන්න."

" ඕනේ නෑ මන් ගෙදර යන්න හදන්නෙ "

" අපිත් ගෙදර තමා යන්නෙ බබා.අපි එක්කන් යන්නම්."

එක කොල්ලෙක් එහෙම කියන ගමන් ඇවිත් කෙල්ලගෙ ඉන වටේ අත දාගන්නකොට අනිත් කොල්ලො දෙන්න කෙල්ල දෙපැත්තෙන් හිටගත්තෙ කෙල්ලට එතනින් යන්න බැරි වෙන්න.
කෙල්ලව අල්ලන් හිටිය කොල්ලෙක් කෙල්ලගෙ බෙල්ලට නැමෙනකොට කෙල්ල දැගලුවෙ ඒ මනුස්සයගෙන් බේරිලා යන්න.

°Change ||KTH (On going)Where stories live. Discover now