° Chapter 03 °

410 47 4
                                    

මැරේජ් එක ප්‍රසිද්ධ කරන්න ඕනෙ නැති නිසාම ටේහ්‍යුන් සිම්පල් විදිහට තමා හැම දෙයක්ම වගේ රෙඩි කරලා තිබ්බා.මීරන්ව මැරි කරලා ටේහ්‍යුන් වෙඩින් හෝල් එකෙන් එළියට ආවෙ මීරන් එක්ක.ටේහ්‍යුන් කෙල්ලගෙ අතින් අල්ලගෙන වෙඩින් හෝල් එකේ එන්‍ට්‍රන්ස් එක ගාව තිබ්බ පඩිපෙළින් බහිනකොට කෙල්ල

"ටේහ්‍යුන්ශී මට රික්වෙස්ට් තුනක් තියෙනවා."

මීරන් එහෙම කියද්දි ටේහ්‍යුන් කෙල්ල දිහා බලලා ඇස් වලින් කිව්වෙ කෙල්ලට තමන්ගෙ රික්වෙස්ට් තුන කියන්න කියලා.

" 1st අපි මේ මැරේජ් එක සීක්‍රට් එකක් විදිහට තියන් ඉමු.මන් කැමති නෑ කවුරුවත් ඒක දැනගන්නවට.
2nd ඒ වගේම මන් කැමතියි ඔයා මගෙ personal relationship වලට ඇගිලි ගහන්නෙ නැත්තන්. මට ප්‍රොමිස් වෙන්න පුලුවන් මට වෙන කිසිම එෆෙයාර් එකක් නෑ කියලා.
3rd එක ඇත්තටම මන් ඒක පස්සෙ කියන්නම්."

" හ්ම්.ගුඩ්.බට් මම මාස හයකින් අපි දෙන්නගෙ මැරේජ් එක අනවුස් කරනවා."

ටේහ්‍යුන් එහෙම කියනකොටම මීරන් එකට අකමැති නෑ කියලා පෙන්නන්න කොල්ල එක්ක හිනාවුනා.

" මන් මිස්ටර් චෝයිව ඔයාගෙ අපාට්මන්ට් එක ගාවට හෙට  එවන්නම්.ඔයාගෙ බඩු ටික පැක් කරලා තියාගන්න.කොහොමත් දැන් ඔයා මිසිස් කිම් ඒක නිසා මාත් එක්ක ඉන්න එක හොදයි."

ටේහ්‍යුන් එහෙම කියනකොටත් කොල්ල වගේම කෙල්ලත් කෙල්ලගෙ කාර් එක නවත්තලා තිබුණ තැනට ඇවිත් හිටියෙ.ටේහ්‍යුන් එහෙම කියලා කෙල්ලට නගින්න කෙල්ලගෙ කාර් එකේ දොර ඇරලා දීලා එතනින් යන්න ගියෙ තමන්ගෙ කාර් එක නවත්තලා තියෙන තැනට .කොල්ල කාර් එක ගාවට යනකොට කොල්ල සෙකට්‍රි කාර් එක ගාවට වෙලා හිටගෙන හිටියෙ.

" මිස්ටර් චෝයි මීරන් පස්සෙන් යන්න."

ටේහ්‍යුන් එහෙම කිව්වට පස්සෙ මිස්ටර් චෝයි එතනින් ගියෙ මොකද කිව්වොත් ටේහ්‍යුන් කියන්නෙ එකම දේ දෙපාරක් කියන්න කැමති කෙනෙක් නෙමේ නිසා.මීරන් හිතුවට ටේහ්‍යුන්ට තමන්ව මතක නැතුව ඇති කියලා වුනත් හැබැයි එහෙමනම් නෙමේ වුනේ.ටේහ්‍යුන්ට කෙල්ලව දැක්ක ගමන්ම කෙල්ල කවුද කියන එක අදුනගන්න පුලුවන් වුනා.

°Change ||KTH (On going)Where stories live. Discover now