° Chapter 33 °

143 30 10
                                    

" මාව අදුනගන්න බැරිද මීර්න් ? "

මීරන්ගෙ ඉස්සරහ හිටියෙනම් කෙල්ලෙක්.හැබැයි මීරන්ට තමන් ඉස්සරහ හිටිය කෙනාවනම් අදුනගන්න බැරි වුනා.

" සොරි මිස්.මට ඇත්තටම ඔයාව මතක නෑ."

මීරන් එහෙම කියන ගමන් ආරි දිහා බැලුවෙ කෙල්ල මේ ඉන්න කෙනාව දන්නවද කියලා අහන්න.මොකද ආරිගෙ මූණෙන්නම් තිබ්බෙ කෙල්ල තමන් ඉස්සරහ හිටිය කෙනාව දන්නවා වගේ පෙනුමක්.ආරි වුනොත් ඉස්සරහ හිටිය කෙනා දිහානම් බලන් හිටියෙ එච්චර හොද මූඩ් එකකින් නෙමේ.

" ඔයාට මාව මතක නැති වුනාට මටනම් ඔයාව හොදට මතකයි මීරන්.එනිවේ මමම මතක් කරන්නම් මන් කවුද කියලා.මම යොන්සන්.නම කිව්වමවත් මතක් වෙන්නෙ නැද්ද මාව ? "

ඇත්තම කිව්වොත් ඇවිත් හිටියෙ වෙන කවුරුවත් නෙමේ යොන්සන්.
අවුරුදු දෙකකටත් වඩා වැඩි කාලෙකට පස්සෙ එකපාරටම යොන්සන් ආයෙ කොරියා ආව එක ගැනනම් ආරිගෙ හිතේනම් එච්චර ලොකු සතුටක් තිබ්බෙ නෑ.
හැබැයි මීරන්නම් ඉදගෙන හිටිය තැනින් නැගිටලා යොන්සන් එක්ක හිනා වුනා.

" දැනුයි මට මතක් වුනේ.ඔයා ගොඩක් වෙනස් වෙලානේ යොන්සන්."

මීරන් එහෙම කියන ගමන් ඉස්සරහට ගියෙ යොන්සන්ව හග් කරන්න හැබැයි වුනේනම් කෙල්ලගෙ කකුල පැටලුන එක.යොන්සන් මීරන්ව අල්ලගත්ත නිසා හොදයි.නැත්තන් කෙල්ල අනිවාර්යයෙන් බිම.

" ඔන්නි ඔයා හොදින්නේ."

ආරි එහෙම කියන ගමන් ඉදගෙන හිටිය තැනින් නැගිටලා කෙල්ල ගාවට එනකොට මීරන්

" අයියෝ මම හොදින්.කකුල පොඩ්ඩක් පැටලුනා."

" හොදින් තමා.ඔන්නි බී කෙයාෆුල්.ඔයා ප්‍රෙග්නන්ට් කියන එක අමතක කරන්න එපා.ටේ ඔප්පා කියන එක ඇත්ත තමා ඔයා පරිස්සන් වෙන්නෙම නෑ."

ආරි එහෙම කියන ගමන් මීරන්ට රවනකොට මීරන් ආරි ගවට ගිහින් කෙල්ලගෙ කරට අතදාගත්තා.

" ඔයා ප්‍රෙග්නන්ට්ද මීරන්."

යොන්සන් කෙල්ලගෙන් ඇහුවට මොකද මීරන් වෙනුවට ඒකට උත්තර දුන්නෙනම් ආරි.

" ඔන්නි ප්‍රෙග්නන්ට් තමා.ඒ ගැනනම් සතුටු නැතුව ඇති නේද ? මොකද ටේ ඔප්පයි ඔන්නියි දෙන්න දැන් දෙමව්පියො වෙන්නනෙ යන්නෙ."

°Change ||KTH (On going)Where stories live. Discover now