° Chapter 35 °

183 39 14
                                    

" ජන්කුක් අපි මේ ගැන කතා කරන්නම ඕනේ."

ආරි එහෙම කියන ගමන් ජන්කුක්ගෙ ඉස්සරහින් ඉදගත්තෙ තමන් දාන් හිටිය වයිට් කලර් කෝට් එක ගලවලා අතට ගන්න ගමන්.
ආරි ඇවිත් කොල්ලගෙ ඉස්සරහින් ඉදගන්නකොට ජන්කුක් හිටියෙ පේෂන් කෙනෙක්ගෙ රිපෝට් වගයක් බලන ගමන්.

" ඔයා ආයෙ කියන්න හදන්නෙ මන් වැරදි කියලනම් ආරි.මට මුකුත් අහන්න ඕනේ නෑ."

"නෑ ඔයා අහන්නම ඕනේ.දැන් සතියකින් ඔයා ගෙදර ගිහින් නෑ.අඩුම ඔන්නි එක්කවත් ටේ ඔප්ප එක්කවත් එක වචනයක්වත් ඔයා කතා කරල නෑ.
ටේ ඔප්පා ඔයා ගැන කොච්චර වද වෙනවද ජන්කුක්.මන් කියන්නෙ ඔයා වැරදියි කියලා නෙමේ.ඒත් ටේ ඔප්පගෙ පැත්තෙන් ටිකක් හිතල බලන්න."

" මන් ඔයත් එක්ක එකට ඉන්න එක ඔයාට ප්‍රශ්නයක්නම් මන් යන්නම් ආරි."

ජන්කුක් කෙල්ල දිහා බලන ගමන් එහෙම කිව්වෙ තමන්ගෙ ඇස් දෙක රිපෝට් වලින් අහකට ගන්න ගමන්.
ජන්කුක් මේ සතියෙම වගේ හිටිය කෙල්ල එක්ක.කොල්ල තමන්ගෙ ගෙදරටත් ටේගෙ ගෙදරවත් ගියේ නෑ.ජන්කුක් ටේහ්‍යුන් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ.ටේහ්‍යුන් කොච්චර ජන්කුක්ට කෝල් කරත් ජන්කුක් කරේ ටේහ්‍යුන්ව මග ඇරපු එක.

" මන් කොයිවෙලෙද එහෙම කිව්වෙ ජන්කුක්.මට ඒක ප්‍රශ්නයක් නෙමේ.මන් කියන්නෙ ටේ ඔප්පා එක්ක කතා කරන්න කියලා.කතා කරලා ඕන දෙයක් විසදගන්න පුලුවන්නේ.ටේ ඔප්පා ඔයාට කොච්චර ආදරෙයිද ජන්කුක් .ඔප්පා විතරක් නෙමේ ඔන්නිත් එහෙමයි.කවුරුවත් ඔයාට මේ වෙනකන් කිසිම වෙනසක් කරල තියෙනවද කියන්න.නෑනේ.ඔම්මයි අප්පයි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි ජන්කුක් .ඔයාට බෑ එයාල ඔයාට දුන්න ආදරේ කවදාවත් අමතක කරලා දාන්න."

" හ්‍යුන්ට මට ඇත්ත කියන්න තිබ්බ ආරි.ඔම්මයි අප්පයි එක්ක මට කිසිම ප්‍රශ්නයක් නෑ.ඒ දෙන්න හ්‍යුන්ටත් වඩා මට ආදරේ කරා.හැබැයි හ්‍යුන්ගෙ අතින් ඇක්සිඩන් එක වුනේ.හ්‍යුන්ට තිබ්බ මගෙන් මොනවත් හංගන්නෙ නැතුව ඉන්න.හ්‍යුන් කොහොමද කියන්නෙ ඒ විදිහට සෙල්ෆිෂ් කෙනෙක් වුනේ.
නූනා වුනත් ඇත්ත දැනගෙන කිසිම දෙයක් මට කිව්වෙ.
ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හරි මට මේක කියන්න තිබ්බ.මන් හැමදේම අන්තිමට දැනගන්න ලැබෙන්න පිට මනුස්සයෙක්ගෙන්.
තමන් තමන්ගෙ කියලා හිතන් හිටිය පවුල ඔයාගෙම නෙමේ කියලා දැනගත්තම මොන වගේ දෙයක්ද දැනෙන්නෙ කියන එක ඔයාට තේරෙන්නෙ නෑ.මන් ආදරේ කරන කෙල්ලටවත් මාව තේරුම් ගන්න බැරිද ?"

°Change ||KTH (On going)Where stories live. Discover now