° Chapter 25 °

227 39 10
                                    

ආරි කෝල් එක අරන් ටේබල් එක උඩින් තියලා රින්ස් දෙක තුනක් ගියාට පස්සෙ ආරිගෙ බෝයිෆ්‍රෙන්ඩ් කෝල් එක ආන්සර් කරා.

" කියන්න බබා."

කෝල් එක ආන්සර් කරපු කෙනා එහෙම කියනකොට ආරි තමන්ගෙ ෆෝන් එක දිහා බලන් හිටියෙ පුදුම වෙලා.කෙල්ල තමන්ගෙ ෆෝන් එක අතට අරන් ආයෙ කෝල් ID එක චෙක් කරලා ෆෝන් එක ආයෙ ටේබල් එක උඩින් තිබ්බා.

" මොකද ඩාලින් කතා නැද්ද ? අද උදේ වෙච්ච දේට මාත් එක්ක තරහෙන් වගේනේ ඉන්නෙ."

" ආ නෑ එහෙම මුකුත් නෑ ."

" මුකුත් නැති වෙන්න බෑ බබා.තාම කේන්තියෙන් නේද ඉන්නෙ."

" නෑ."

" ඔයා නෑ කිව්වට මන් දන්නවනෙ මගෙ කෙල්ල ගැන.තනි වචනෙන් උත්තරේ දෙන්නෙ මාත් එක්ක තරහ නිසා තමා."

" අනියෝ මුකුත් නෑ.මන් මේ වෙනකන් ඔයා එක්ක තරහවෙලා නෑනේ කවදාවත් ."

ආරි එහෙම කියලා ටේහ්‍යුන් දිහයි මීරන් දිහයි බැලුවා.ටේහ්‍යුන් මීරන් දෙන්නනම් හිටියෙ ෆෝන් එක දිහා බලාගෙන.ටේහ්‍යුන් නම් පොඩ්ඩක් විතර පුදුම වෙලා හිටියෙ.
ටේහ්‍යුන් මීරන් දෙන්න දිහා බලන් හිටිය ආරි

" ඔයා කොහෙද ඉන්නෙ ? "

" මන් ඩ්‍රයිව් කරන ගමන් හිටියෙ බබා.ඔයා හදිස්සියකට නෙමෙනේ ගත්තෙ."

" අනියො "

" එහෙනම් බබා මන් ගෙදර ගිහින් ඔයාට කෝල් එක ගන්නද ? "

" හරි "

ආරි එහෙම කියලා ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අරන් කෝල් එක කට් කරද්දි ටේහ්‍යුන් පුදුම වෙලා බලන් හිටියෙ ආරි දිහා.මීරන්නම් හිටියෙ කෙල්ල දිහා බලන් හිනා වෙවී.

" මන් බලාපොරොත්තු වුන වොයිස් එකනම් ඕක නෙමේ හැබැයි ."

ටේහ්‍යුන් ආරි දිහා බලාගෙන එහෙම කියනකොට ඒකට රිපලයි එකනම් හම්බවුනේ ආරිගෙන් නෙමේ ජන්කුක්ගෙන්.කොල්ල මේ වෙනකොට පල්ලෙහට බැහැලා තිබ්බෙ.

" ඇයි ඔයා බලාපොරොත්තු වුනේ මගෙ වොයිස් එකද හ්‍යුන්."

ජන්කුක් එහෙම කියන ගමන් ඇවිත් ආරි ගාවින් ඉදගන්නකොට ටේහ්‍යුන් විතරක් නෙමෙ ආරි වුනත් ජන්කුක් දිහා බලන් හිටිය පුදුම වෙලා.

°Change ||KTH (On going)Where stories live. Discover now