• Chapter 18 •

315 50 17
                                    

" මේ ලොකේෂන් එකනම් වැඩේට හරියනවා."

"මෙතනන්ම් ඇත්තටම ලස්සනයි ටේහ්‍යුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙතනන්ම් ඇත්තටම ලස්සනයි ටේහ්‍යුන්. මන් මේක ඔයාගෙන් අහන්නමයි හිටියෙ .ජිමින් වැඩිය කැමති නෑ නේද යොන්සන්ව අපි වැඩට ගත්තද ? "

මීරන් ටේහ්‍යුන්ගෙන් එහෙම ඇහුවෙ ටේහ්‍යුන් තමන්ගෙ ෆෝන් එකෙන් ෆොටෝස් වගයක් ගන්නකොට.ටේහ්‍යුන් ඔෆිස් එකෙන් ආවට පස්සෙ මීරන් එක්ක ගියෙ වින්ටර් සීසන් එකේ එළියට දාන ෆැෂන් ටික ශූට් කරන්න හොද ලොකේෂන් වගයක් බලන්න.
දෙන්න සෝල් වලින් පොඩ්ඩක් ඈතට වෙන්න තමා ආවේ. දෙන්න ඇවිත් හිටියෙනම් කැලයකට

" ජිමිනා හිතන් ඉන්නෙ මන් ආයෙ යොන්සන් පස්සෙ යයි කියලා."

" ආයෙ ".

මීරන් ටේහ්‍යුන් දිහා බලාගෙන එහෙම අහනකොට ටේහ්‍යුන් තමන්ගෙ ෆෝන් එක සාක්කුවට දාන් කෙල්ල දිහා බැලුවා.

" හයිස්කූල් යන කාලෙ මායි යොන්සනුයි අතර රිලේෂන්ශිප් එකක් තිබ්බ මීරන්.ජිමින් තමා ඒකට ගොඩක්ම අකමැති වුනේ.ජිමින් කිව්වෙම යොන්සන් මට ආදරේ කරන්නෙ මගෙ සල්ලි වලට කියලා.එයා මාව යූස් කරනවා කියලා.ආදරේ අන්දයි කියනවනේ ජිමින් කොච්චර කිව්වත් යොන්සන් මාව රවට්ටනවා කියලා මන් ඒක විශ්වාස කරේ නෑ.යොන්සන් නිසා වුනේ අවුරුදු ගාණක ඉදන් තිබ්බ මගෙ ජිමින්ගෙයි යාලුකම නැති වෙච්ච එක.
මගෙ මෝඩ කමට මන් ඇත්ත දැක්කෙ නෑ.ජිමින් කිව්ව වගේම යොන්සන් මාව යූස් කරලයි තිබ්බෙ.
මාත් එක්ක එෆෙයා එකක් තියෙද්දිම යොන්සන් වෙන කොල්ලො එක්ක ඉදලා තියෙනවා.
ඇත්ත දැනගත්තට පස්සෙ මමමයි රිලේෂන්ශිප් එක නැති කරේ.හැබැයි ඒ වෙනකොට මන් පරක්කුයි.මට මගෙ යාලුවා වගේම ආදරේ කියන දෙකම මම නැති කරගත්තා.
එදායින් පස්සෙ මන් හිතාගත්ත මන් කිසිම කෙල්ලෙක්ට ආදරේ කරන්නෙවත් කාවවත් මැරි කරන්නෙවත් නෑ කියලා."

°Change ||KTH (On going)Where stories live. Discover now