<52>

147 13 13
                                    

Julian pov...... 🖤

ආදරේට පුලුවන් කෙනෙක් වෙනස් කරන්න
හොදට වගේම නරකටත් මම JL උනෙත් ආදරේ හින්දා ජුලියන් උනෙත් ආදරේ හින්දා මට අමතක මගේ ඇත්ත නම මට නැති උනෙත් ආදරේ හින්දා

එමීව ගෙදරින් බස්සලා මම කෙලින්ම ගියේ එයාට කන්න මොනාහරි ගේන්න අනික් කෙල්ලෝ ටෙඩියෝ හොයද්දි මගේ කෙල්ල හෙව්වේ කෑම....මගේ කෙල්ල....ඔව් මගේ තමයි ලිමිට් නැතුව ඔහේ කියවන් යන් මගෙ පිස්සු කෝච්චිය

කෑම ටික සාලෙන් තියල මම එමීගේ නම කියලා කොච්චර කෑ ගැහුවත් මේ කෙල්ල පේන මානෙක නෑ කොහෙ ගිහිල්ලද මන්දා එයාගේ නම කියාගනම උඩට යද්දි මම දැක්කේ කාමරේ කඩදාසි ගොඩක් දිග ඇරන් මුල්ලකට වෙලා ඉන්න ඉන්නවා

🌸 ඒ මගේ තාත්තා

මන් අහපු දේට එයා කිව්ව උත්තරෙන් මගේ ඇගම සීතල වෙලා ගියා මම ඒක ඇහුන වෙලේම ප්‍රාර්තනා කරේ ඒක හීනයක් වෙන්න කියලා අවුරුදු 22 ක් මන් හොයපු මගේ අම්මලාගේ මිනීමරුවා එමීගේ තාත්තද??
නෑ නෑ ඒක වෙන්න බෑ මම බිමින් ඉදගෙන එයාගේ මූන උස්සලා මට ලන් කරගත්තා

🖤 ජේසන් ඔයාගේ කව්ද බබා.... ඔයා මට ඔයාගේ තාත්තා ගැන කියල නැනේ

🌸 එයා නැති උනා...මම ඉපදෙද්දිම

ආය මගේ ඔලුවේ අකුණක් පිපිරුවා වගේ උනා උබේ තාත්තා තමයි ඔක්කොම කරේ කියලා එමීව මෙතන දාලා යන්න මට කිසි ඕන කමක් තිබ්බෙ නෑ මම දේකට ආදරේ කරන්න ගත්තොත් ඒක සුලුවට හිතන කෙනෙක් නෙවෙයි

මම හොයන ජේසන් එමීගේ තාත්තා කියලා ඔලුවට ගිය සැනින්ම මට මතක් උනේ ජෙරම් එයාගේ දෙමව්පියෝ මරපු කෙනා ගැනත් හොයනවා කියලා බ්ලැක් ඇරෝ හ්ම්ම් ජෙරම් එලවන්නේ බ්ලැක් ඇරෝ පස්සේ මම එදා දැකපු ටැටූකාරයා තමයි බ්ලැක් ඇරෝ

එමීගේ පිටට හිමීට තට්ටු කර කර එයාව මට තුරුල් කරන් මම කල්පනා මේ සමනල් ගැටේ ලෙහාගන්න කල්පනා කරා සමහරවිට.... සමහරවිට එමීගේ තාත්තා ජේසන් කියලා අහපු වෙලාවේ මම එයාව දාලා යන්නත් ඉඩ තිබ්බා ඒත් මම ආදරේ කරන අයව සැක කරන්න මම ආස නෑ JL කියන්නේ මොලයක් තියන හදවතක් නැති කෙනෙක් කියලා හැමෝම කිව්වට මම නිර්දෝශී මිනිස්සු අත අරින්නෙ හදවතක් තියන නිසා

Rose Of Knights ✔️Where stories live. Discover now