<17>

170 14 0
                                    

අද ඉස්කෝලේ ඇරිලා එහෙම්ම මම ගියේ විකී දුන්න ඇඩ්‍රස් එකට ජුලියන්ටත් පරක්කු වෙලා ගෙදර එනවා කියලා තිබ්බ නිසා
අවුලක් උනෙ නෑ
කට්ටිය අඩු හුදකලා පැත්තක තිබ්බ ටිකක් ලොකු ගෙයක් ඒක මම යද්දිත් ලොකූගේ කාර් එකයි දෙවනිගෙ බයික් එකයි එතන නවත්තලා තිබ්බා අපේ පවුලේ වාහන වලින් උනත් අයිතිකාරයා හොයා ගන්න පුලුවන්

ලොකූගේ කාර් එක කලු පාටයි එයා මුලිම්ම එයාටම කියලා ගත්ත වාහනේ තමා තාම පාවිච්චි කරන්නේ
දෙවනිට කාර් පේන්න බෑ එයාට තියෙන්නේ සුපිරි බයික් එකක් එක දවසයි දෙවනි එක්ක බයික් එකේ ගියේ එදයින් පස්සේ පයින් ගියත් මම එයා එක්ක යන්නෑ ඒ තරම් එයාගේ ඩ්‍රයිවින් සේෆ්
එරික් අයියාගේ කාර් එක සුදු පාටයි චාම් පිලිවලයි ලස්සනයි සුවදයි
රෙක්ස් අයියාගේ කාර් එකේ පාට එයාගේ රුචිය අනුව සැරින් සැරේ වෙනස් වෙනවා
විකී යූවී දෙන්නා නම් කාර් බයික් ස්කූටක් විතරක් නෙමේ කරත්ත වලින් යන කාලත් තියනවා ඒ තරමට දෙන්නට ට්‍රැක්

අයියලා දෙන්නව ස්ප්‍රායිස් කරන්න කියලා හිතාගෙන මම සද්ද නොකර ගේ ඇතුලට ගියා ඒ දෙන්නව පුදුම කරන්න කෑ ගහන් කාමරේට පනින්න හිටියත් එයාලා කතා උන
දේ ඇහුනම ඒ අදහස නැති උනා

🐯 ඕකට මට වඩා දක්ශ කෙනෙක් ඕන නැද්ද?

මොකක් මොකේටද දෙවනිට වඩා දක්ශ අය...මම කන බිත්තියට අලෝ ගත්තා

🦁 උබ තරම් හොද කෙනෙක් නෑ....විශ්වාස කෙනෙකුත් නෑ

🐯 අයියට ශුවර්ද මේක....එක කාලයක් ඔයා ඕක හොයන්නෙම නැතුව හිටියනේ

🦁 හ්ම්ම්ම් නොකිව්වට මම දිගටම හෙව්වා

🐯 මට නොකිව්වෙ ඇයි

🦁 මට උබලගේ ඔලු වලට බර පටවන්න බෑ ...මේක මගේ දෙයක්

🐯 ඒ මගෙත් අම්මයි තාත්තයි

🦁 ඒත් ඕක ගැන පොඩි තුන් දෙනාට කියන්න එපා...

🐯 ඒත් අයියේ...

🦁 චෙෆ් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටිය එකා ලෝයර් කෙනෙක් උනේ මම මේ දේ උට කිව්ව හින්දා....නැත්තම් අද මගේ කොල්ලා ලෝකෙම දන්න චෙෆ් කෙනෙක්

Rose Of Knights ✔️Where stories live. Discover now