<30>

192 15 4
                                    

Emmy pov............🌸



🌼 එමී...මේ ඔයාගේ මාමගේ පුතාද

ට්‍රිප් එක යන දවසේ බස් එකට නැග්ග වෙලේ ඉදන් බස් එකේ ගිය ඔක්කෝටම තිබ්බේ මට එහා පැත්තේ වාඩි වෙලා ඉන්න කොල්ලා මගේ මාමගේ පුතාද කියන ප්‍රශ්නේ

🌸 ඔව්ව් මේ ජුලියන් එයා අපිට වඩා අවුරුදු තුනක් වැඩිමල්

🌻 ඔයාගේ කසින් හරි හැන්සම් ආ

🌸 මගෙනේ ඉතිම්

දෙයියනේ මොකක්ද මම ඒ කිව්වේ නෝරායි යූරායි මම කිව්ව දේ මොන විදිහට හිතා ගත්තත් අවුලක් නෑ එයාලා හිතන්නෙ ඒ මගේ කසින් කියනේ ඒත් ජුලියන් හයෝව් නැ නෑ එයත් හිතනවා ඇත්තේ මම මේ අවස්තාව අනුව කිව්ව එකක් කියලා

එහෙම මනෝපාරක් ගහන් මම බස් එකේ වීදුරුවට ඔලුව තියාගද්දි ජුලියන් එකපාරටම මගේ අත එයාගේ අතේ පටලන් මගේ උරහිසෙන් ඔලුව තියාගත්තා මෙයාට පිස්සුද

🌸 ජුලියන් ඔයා....

🖤 ශ්....මට නිදි මතයි

🌸 ඒත්...

🖤 ඔයා කිව්වනේ මම ඔයාගෙ කියලා ඉතින් මට මෙහෙම ඉන්න දෙන්න...

මගේ උරහිසේ ඔලුව තියාගෙන මගේ කනට ලන් වෙලා එයා කිව්ව විදිහට මාව නිකම් ෆ්‍රීස් උනා වගේ උනා එයාගේ ඉත්තෑකූරු කොන්ඩේ මගේ බෙල්ලෙ වදිද්දි කිචි කිචි වගේ උනත් මට ඒක දැනුනෙවත් නෑ මොකද මම තාම ඉන්නේ එයා කිව්ව වචන අස්සේ "මම ඔයාගේ" එයා ඒ ටික කිව්ව් හැටි
ආශ්....මේ කොල්ලා මාව පිස්සෙක් කරනවා

🌻 එමියා

මට ඉස්සරහ සීට් එකේ හිටිය යූරා නෝරා දෙන්නා මගේ පැත්ත හැරුනා

🌻 එයා නිදිද

🌸 මන් හිතන්නෙ නිදි

🌻 එයා හරි කියුට්නේ නිදාගද්දි

ඔව්ව් ඕකා නිදාගද්දි කියුට් තමයි ඇහැරිලා මකරෙක් වගේ පිබින්න ගත්තමනේ ප්‍රශ්නේ

🌸 හී....ඔව්

🌼 ජෝජ් නම් පිපිරි පිපිරි ඉන්නේ

🌸 එයා මොකද පිපිරෙන්නේ

🌼 එයා ඔයාව අල්ලගන්න ඔයා ආව දා ඉදන් ට්‍රයි කරන්නේ

Rose Of Knights ✔️Where stories live. Discover now