<44>

134 14 3
                                    

වැඩිය මුකුත් නොකියා අයියා කැමති උන එකයි එයාගෙයි ජියා මිස්ගෙයි එෆෙයා එකයි ගැන කල්පනා කර කර මම ගියේ මහ ගෙදරට හෙට මට ලොකූ විබාගයක් තමයි ඒත් විබාගෙට කලින් දවසේ පාඩම් කරලා ඔලුව අවුල් කරගන්න මට කිසි උවමනාවක් නැ
වෙනදා වගේම ගිය ගමන් ආච්චි මාව බදාගත්තා

👵 පාඩම් කරන්නෙ නැද්ද දරුවෝ

🌸 පාඩම් කරා ආච්චි....

👵 මගේ කෙල්ලට වරදින්නෙ නෑ

🌸 ආච්චි කෝ අක්කා

👵 පොතක් බල බල හිටියේ අයූ නම් කොහෙද ගිහිල්ලා

🌸 හුම්ම්ම්

👵 දූ එහෙනම් මියූව බලලා එන්නකෝ මම දවල්ට කන්න ලෑස්ති කරන්නම් මෙහෙන් කාලම යමු

කන බොන ඕන දේකට එක හිතින්ම මම ඉන්න හින්දා අනික් අය වගේ අනේ ඕන්නෑ ආච්චි කියන්නේ නැතුව හා කියල ඔලුව වනලා මම කෙලිම්ම දිව්වේ අක්කා වෙනදට පොත් කියවන ගහ ලගට දිව්වා

🌸 මියූ අක්කේ....

අක්කා එකපාර පපුවටත් අතක් තියාගන ගැස්සිලා ඊටපස්සේ ආය හිනා වෙලා මගේ අතකින් ඇදලා මාවත් බංකුවේ ඉන්දෙව්වා මේ කාලෙට අපි දෙන්නා ගොඩක් එකතු උනා

🌷 කෑ ගහන්න එපා

🌸 අයූ නෑ අනේ

අක්කා ලස්සනට හිනා උනා එයාට තියෙන්නේ ලස්සනම ලස්සන හිනාවක්

🌷 ඉතින් ඔයාගේ පියානෝ වැඩේ මොකද.... මට කියන්න බැරි ඔයාගේ බාදකේ

🌸 ඒක ශේප්.... එක්සෑම් එකෙන් පස්සේ මම ප්ලේ කරනවා

🌷 වාව්....මරූ....ඒ හෙට එක්සෑම් තියාගන අද රවුම් ගහන්නෙ මොකද

🌸 මම යාන්තම් පාඩම් කරා හී....

🌷 ඔයා හරි වෙනස්

🌸 ඔයත්

🌷 ආ....

🌸 ඔයයි අයූයි සම්පූර්නයෙන්ම වෙනස්....

🌷 අයූ මගේ සහෝදරියක් නෙවෙයි...

අක්කා ඒක හිමීට කිව්වට මට නම් ඒක හොදට ඇහුනා

🌸 ඔයයි අයූයි සහෝදරයෝ නෙමේද

ගොං එලදෙන වගේ මම ඒක එකපාර ඇහුවා අක්කා ඇස් පොල්ගෙඩි කරන් මන් දිහා බලන් හිටියේ වැරැද්දක් කරලා අහු උන පොඩි එකෙක් වගෙ
මියූ අක්කා එහෙම්ම විනාඩි ගානක් මන් දිහා බලාගෙන ඉදලා අත් දෙකෙන් කටත් වහගත්තේ මහා නරක දෙයක් කිව්වා වගේ

Rose Of Knights ✔️Where stories live. Discover now