හුම්ම්හ්හ් ඒ මගුලත් ඉවරයි....
බෑග් එකත් සෝෆා එකට විසික් කරලා මම ටිකක් ඇල උනා අද උදේම ජුලියන්ටත් හොරෙන් මම එක්සෑම් එක ලියන්න ගිහින් ආවා අයියලා ඔක්කෝම මැසේජ් එකක් දාලා හොදට ලියන්න කියලා විශ් කරලා තිබ්බා
හාහ් අදින් පස්සේ ඉස්කෝලේ යන්න ඕන්නැ ගෙදරට වෙලා ඉන්න තියෙන්නේ ඒත් බෑනේ නෑනා ගාව පියානෝ ක්ලාස් යන්න එපැයි ලොකූට කොහොමද දන්නෑ ටීචව සෙට් උනේ
හුම්ම් වෙලාව තුනයි
මේ දවස් වල ජුලියන් මාව මග අරිනවද මන්දා අද දවසටත් කෝල් එකක් නෑ මම එයාට නොකියා ගිය හින්දා තරහද දන්නෑමහන්සිය යන්නත් එක්ක වොශ් එකක් දා ගන්න මම කාමරේට ගියා
ම්හු ජුලියන් කාමරෙත් නෑ උදේ තිබ්බා වගේම ඇද හැඩිවෙලා තියනවා අනේ මන්දා මේ කොල්ලො නම් පිලිවල කියන වචනේ තේරුමවත් දන්නෑ හිතින් ජුලියන්ට බැන බැනම මම ඇද අස් කරලා දැම්මාවොශ් එකක් දාගෙන මගේ ජාතික ඇදුම උන ශෝටයි නෝමල් ශර්ට් එකයි ඇදගෙන කොන්ඩෙත් පිහ පිහ මම වොශ් රූම් එකෙන් එලියට ආවා අද පැයක් විතර නෑවා හැබැයි මට නාන්නයි නටන්නයි සින්දු කියන්නයි වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට බනින්නයි ගියාම නාන එක පැයකින් නැවතුනොත් තමා පුදුමෙ
මම පොඩි ඩාන්ස් කෑල්ලකුත් දාගෙන වොශ් රූම් එකෙන් එලියට ඇවිල්ලා ටවල් එක ඇදට විසික් කරා
හත්තිලව්වයි ටවල් එක වැටුනේ ඇද උඩ ඉදගෙන හිටිය ජුලියන්ගේ ඔලුවට මේ මනුස්සයා කොයි වෙලේද මෙතනට ආවේ මම ඉක්මන්ට ගිහිල්ලා ටවල් එක ගන්න යද්දිම එයා ටවල් එක මූනෙන් අයින් කරලා මාව ඇදලා ගත්තා
තාම බීලද දන්නෑ ඉන්නේ🌸 මොකෝ
🖤 මොකද තමුසේ උදේ නොකියා ගියේ
කලින් කිව්ව එක මම ඉල්ලා අස් කරගන්නවා මේකා බීලා නෑ කලින් හිටිය සීතල චරිතෙමයි හුම් බලෙන් පොවන්න හිතෙන්නේ මේ වෙලාවට තමා මම බුම්මන් ඉන්නේ කියලා එයාට තේරිලාද කොහෙද එයා මාව එයාගේ ඔඩොක්කුවට අරගෙන මගෙ උරහිසින් ඔලුව තියා ගත්තා
🖤 මේ....මම කොච්චර බිව්වත් මත් වෙන්නෙ නෑ
ඒකට නම් මගේ ඇගම සීතල වෙලා ගියා ඒ කියන්නේ මෙයා ඊයේ රෑ හිටියේ හොද සිහියෙන්ද??
මම එයා දිහා හැරුනම එයා මන් දිහා බලන් හිටියා අමුතු මෙව්වා එකක් හිතට දැනිලා මම එයාගේ ඔඩොක්කුවෙන් නැගිටලා දුවන්න යද්දි එයත් මගේ පස්සෙන් ඇවිල්ලා පඩිපෙලේ අත් වැටටයි එයාටයි මාව කොටු කරගත්තා
YOU ARE READING
Rose Of Knights ✔️
Romanceඅයියලා හය දෙනෙක්ගේ ආරක්ශාවක් එක්ක හැදෙන චූටි කෙල්ලෙක් " දෙවනි උබ මොකද බං එතන යකා නැටුවේ ... ඒ කොල්ලා ගැන අපි හොයලා බලමු" " ලොකූ උබ මට කියන්නේ මගේ එකම නංගිව බ්ලැක් ෆයර්ලගේ ලීඩර් JL ට දෙන්න කියලද?"