<31>

140 13 2
                                    

කාමරේ ලයිට් දාලා නොතිබ්බත් ජනේලෙන් ආව හද එලියයි ටේබල් ලෑම්ප් එකයි හින්දා ලාවට වට පිටාව පෙනුනා

සැර වයින් සුවද යටපත් කරගෙන මගේ කට අතෙන් තද කරන් මාව බිත්තියට හේත්තු කරගෙන ඉන්න ජුලියන්ගේ සුවද මට දැනුනා උඩ බොත්තම් දෙකක් ගලවපු සුදු පාට ශර්ට් එකයි හද එලියයි එක්ක මම එකපාර ජුලියන්ට වශී උනා වගේ උනා

🖤 ඔයාද...

තප්පරේකට කප්පරක් හිතපු මම හිතිල්ල නැවැත්තුවේ ජුලියන් මගේ කට වහන් ඉදපු අත අයින් කරලා ගිහින් ඇදෙන් වාඩි වෙද්දි
ඇද ගාව ටේබල් එකේ තිබ්බ වයින් බෝතලේ දැක්කම මට ආය හැරිල යන්න හිතුනා මොනා උනත් මේ විදිහට මේ වෙලාවේ පිරිමියෙන් ගාව ඉන්න එක ඒ තරම් හොද නෑ

🖤 කොහෙද යන්නේ....

🌸 මම්....මේ එලියට....

🖤 ඇයි ම්ම්ම්

ජුලියන් මන් ගාවට ආවේ කමිසේ බොත්තම් ගලවන ගමන් අනේ ජුලියන් ඔයා නරක කෙනෙක් නෙමේ නේද ඔයා මගේ විශ්වාසය කඩන්නෙ නෑ නේද....

🖤 කාව අවුස්සන්නද ඔහොම ඇදන් කාමරෙන් එලියට ආවේ

එයා ඒ කමිසේ එහෙම්ම මගේ ඇගට දැම්මා සා ඒක මගේ දණහිස ගාවය දිගයි එයා කරපු දෙයින් මගේ හිතේ එයා ගැන ලොකූ පැහැදීමක් ඇති උනා කෙල්ලෙක් එක්ක මේ වගේ වෙලාවට කාමරේක ඉන්න කොල්ලෙක් ගොඩක් වෙලාවට බලන්නෙ ඒ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ඒත් හැමෝම එහෙම නෑ

🖤 ආව එකේ....ඉදගන්න

එයා ඇද උඩින් ඉදගෙන මටත් ඉදගන්න එන්න කියලා ඇදට තට්ටු කරා මාත් එයා ගාවින් ඉදගත්තා...

ජෙයියනේ....
මන් ජුලියන්ව මේ විදිහට දැක්ක පලවෙනි පාර දම්වැලක් වගේ තියන රිදී පාට මාලේ එයාගේ පපුවේ මැද ගෑවී නොගෑවී තිබ්බා පපුවේ එක පැත්තක තිබ්බේ හරි අමුතු කැලලක් ඒක තුවාල කැලලක් වෙන්න ඕන අද ගොඩක් රස්නේ හින්දා එයාගේ පපුව දිගේ දාඩිය බින්දු බින්දු ගලාගෙන යනවා ජිම් එකේ නැවතිලා ඉදලද මන්දා මේ තරම් ලස්සනට ඇග හදාගන තියෙන්නේ
ජෙයියනේ මේ කොල්ලගේ ලස්සන

🖤 ඕයි....ඔහොම බලන්න එපා මට බය හිතෙනවා

ජුලියන් එකපාරටම ඇදෙ තිබ්බ කොට්ටෙ අරන් පපුව වහ ගත්තෙ මන් එයාව රේප් කරයි වගේ හික්ස් මම එහෙම නෑනේ ඉතිම් වෙන කෙල්ලෙක් උනා නම් තමා බය

Rose Of Knights ✔️Where stories live. Discover now