🦋 Chapter 40 🦋

622 162 22
                                    


ටේහ්‍යොන් හිටියේ මූන් ගාල් ගේ නිවසේ ඩයින්ග් රූම් එකට වෙලා .. කලින් දවසේ ටේහ්‍යොන් ව අනිවාර්යයෙන්ම මුණ ගැහෙන්න ඕනේ කියලා කියපු නිසාම ටේහ්‍යොන් තමන්ගේ ඩෑඩ්ගේ ගෙදරට ගියා . අවුරුදු ගානකට පස්සේ ටේහ්‍යොන් ව දැකපු නිසා ටේහ්‍යොන් ගේ මාම් ගොඩක් සතුටු වුනා ඒ වගේම එයාට ටේහ්‍යොන් ගැන දුකකුත් දැනුනා ..

ලන්ච් ටයිම් එක කිට්ටු වුනු නිසාම සේරමල්ලම හිටියේ ඩයින්ග් ටේබල් එකෙන් වාඩි වෙලා . තම තමන්ගේ පාඩුවේ කෑම කමින් ඉන්නවා ඇරෙන්න එක් කෙනෙක් වත් වැරදිලා වත් කතා කලේ නම්  නැහැ . ඒ මේ පවුලේ හැටියක් හැමෝම ජීවත් වුනේ මූන් ගාල්ගේ නීති යටතේ ඒත් එයාගේ නීතී වලට යටත් වුනේ නැති එකම එක්කෙනා උනේ ටේහ්‍යොන්

තමන්ගේ අතේ තිබුනු චොප්ස්ටික් දෙක මේසය මතින් තියපු මූන් ගාල් ග්ලාස් එකේ තිබුනු වතුර ටික හිස් කලා .. තමන්ගේ අතත් ලග තිබුනු ටිෂූ පේපස් වලින් පිහිදලා මූන් ගාල් මේසය මතින් තමන්ගේ අත් දෙක එකතු කරලා තිබ්බා . මූන් ගාල්ගේ ඇස් යොමු වෙලා තිබ්බේ නිකමට වත් තමන්ගේ දිහා බලන්නේ නැති ආඩම්බරකාර ටේහ්‍යොන් ගාව .

" අද මිස්ටර් පාක් එක්ක රෝස් මෙහෙට එනවා ඒක නිසා තමුන් හොද විදිහට හැසිරෙයි කියලා මම හිතනවා "

" ඇයි මේ ගැන මට කලින් කිව්වේ නැත්තේ ? "

" කලින් කිව්වා නම් තමුන් මෙහෙට එන්නේ නෑනේ "

මූන් ගාල් කියපු දේට ටේහ්‍යොන් තමන්ගේ අත මිට මොලව ගනිද්දි ටේහ්‍යොන් ගේ මාම් ටේහ්‍යොන් ගේ අත උඩින් තමන්ගේ අත තියලා තද කලා

" මිස්ටර් පාක් මට ගොඩක් ලෝයල් මිනිහෙක් ඒ වගේ කෙනෙක්ව මට නැති කර ගන්න බැහැ මේ සේරම රැදිලා තියෙන්නේ තමුන්ගේ අතේ ටේහ්‍යොන් "

" නවත්ත ගන්න ඩෑඩ් මට ඕක දැන් අහලම අප්පිරියයි "

" කම්පැනි එකට තව ශෙයාස් එකතු වෙද්දි තමුන්ට අප්පිරියාවක් එන්නේ නැති වෙයි "

මූන් ගාල් සමච්චල් හිනාවක් එක්ක කිව්වත් ටේහ්‍යොන් නම් ගනන් ගත්තේ නැහැ මොකද ටේහ්‍යොන් ට ශෙයාස් ගැන කිසිම ආසාවක් තිබුනේ නැහැ  

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now