🦋 Chapter 26 🦋

795 222 11
                                    


Next day morning 🌄 ...

" හියූන් දොර අරින්න මම අද ඔයාගේ බ්‍රෙක්ෆස්ට් එක කාමරේටම ගෙනාවෝ "

ජංකුක් ටේහ්‍යොන් ගේ බ්‍රෙක්ෆස්ට් එකත් කාමරේ ලගට අරන් ඇවිත් ටේහ්‍යොන්ගේ කාමරේ ඉස්සරහ ඉදන් කෑ ගහන්න ගත්තේ අතේ කෑම තියෙන නිසා දොරට තට්ටු කර ගන්න බැරුව

" මට ෆයිව් මිනිට්ස් දෙන්න ජංකුක් "

එහා පැත්තේ ඉදන් ටේහ්‍යොනුත් හයියෙන් කෑ ගහලා කියද්දි ජංකුක් තොලුත් කොකු පණුවෙක්ගේ වගේ කර ගෙන ඔහේ බලන් හිටියා . කාමරේ දොර ඇරෙන වත් එක්කම ජංකුක් ගේ ඇස් උඩ ගිහින් බිම වැටුනේ ටේහ්‍යොන් ඉන්න විදිහට

ටේහ්‍යොන් ගේ මුලු ඇගටම තිබුනේ සිනිදු ටවල් එකක් විතරයි ඒත් ඒකෙනුත් ටේහ්‍යොන් ගෙ කලවා තදින් කැපිලා පෙනුනා . තෙත බරිත වෙලා තියෙන කොන්ඩෙන් වතුර බින්දු බේරිලා බිමට වැටෙද්දි ජංකුක් ට ඉබේම වගේ කෙල ගිලුනා

" උදේ පාන්දර තමුසේ මොකද සේරම එලියේ දාගෙන ඉන්නේ "

එක පාරටම ජංකුක් ඔලුව ගසලා හරි සිහියට ඇවිත් ටේහ්‍යොන් ට බනින්න ගත්තේ තමන්ට බනින්නේ මොන හේතුවකට ද කියලා වත් ටේහ්‍යොන් නොදැන ඔහේ ජංකුක් ගේ මූණ දිහා බලන් ඉද්දි

" දැන් මොකද මේ සයිබීරියන් කැස්වටුවෙක් වගේ මගේ දිහා බලන්නේ කෝ එහාට වෙනවා තමුසෙ එක්ක යාලු උනු දවසේ ඉදන් මං කලේ මගේ මේ සියුමැලි අත් දෙකෙන් තමුසෙට තම්බ තම්බ කන්න දීපු එක මගේ ඔම්මයි අප්පයි මාව හැදුවේ මේකටද "

ජංකුක් කිබුල් කදුලු පුරවන් ටේහ්‍යොන් වත් හප්ප ගෙන ටේහ්‍යොන් ගේ කාමරේ ඇතුලට ගිහින් ගෙනාපු කෑම ටික මේසේ උඩින් තියලා ටේහ්‍යොන් ගේ ඇදෙන් වාඩි උනා . ඒත් තාම ජංකුක් ගේ බොරු ඇඩිල්ල නතර වෙලා නෑ .

ටේහ්‍යොනුත් ඉතිම් කාමරේ දොරත් වහ ගෙන ඇවිත් ජංකුක් ගේ එහා පැත්තෙන් වාඩි උනා ඒත් ජංකුක් නම් කලේ ටේහ්‍යොන් ට ගස්සපු එක . ජංකුක් කොච්චර පෙනුමෙන් හොට් බෝයි කෙනෙක් උනත් හැසිරීමෙන් නම් පොඩි බබෙක් වගේ

" ජංකුකී මොකද මේ උදේම තරහ ගිහිල්ලා "

" යනවා යන්න මට ඕනේ නෑ ඔහේව "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now