🦋 Chapter 21 ( Pt 1 ) 🦋

905 232 11
                                    


Some days left .... 💨

" ඔහ් ඔහ් තප්පරයක් ඉන්න අනේ ටිකක් ඉන්න "

කලබලයෙන් දුවගෙන ආපු තරුණියක් හති අරින ගමන් කෑ ගහන්න ගත්තේ තමන්ගේ ඉදිරියේ තියෙන ෆ්ලවර් ශොප් එක වහන්න හදපු නිසා

" මට සමාවෙන්න ඒත් දැන් මම ශොප් එක වහන වෙලාව "

" අනේ මට රෝස මල් පොකුරක් දෙන්න පුලුවන් ද "

ඒ තරුණිය හරි කලබලෙන් ඇහුවේ බලාපොරොත්තු ගොන්නක් තියා ගෙන ඒත් ඒ තරුණියගේ කොන්ඩේ මූණට වැටිලා තිබුනු නිසා ටේහ්‍යොන් ට ඒ තරුණියගේ පෙනුම ගැන වැඩි අදහසක් තිබුනේ නෑ

" ඔහ් හොදයි මට ටික වෙලාවක් දෙන්න "

" හොදයි "

ටේහ්‍යොන් එහෙම කියද්දි ඒ තරුණිය ටේහ්‍යොන් ට බෝව් කරලා ටිකක් පිටි පැස්සට උනා .. බාගෙට වහපු ශොප් එකේ දොර ආයෙත් ඇරලා ටේහ්‍යොන් ශොප් එකේ ඇතුලට ගිහින් රෝස මල් පොකුරක් අරන් ආවා

" ආහ් මෙන්න "

ටේහ්‍යොන් මල් පොකුර ඒ තරුණියට දික් කරද්දි ඒ තරුණිය තමන්ගේ ඔලුව උස්සලා හරියටම ටේහ්‍යොන් දිහා බැලුවා

" ඔහ් දෙවියනේ ටේහ්‍යොන් ඔයා "

" රෝස් "

ටේහ්‍යොන් වගේම ඒ තරුණියත් දෙන්නා දිහාම බලන් හිටියේ පුදුමයෙන්

" අනේ මට සමාවෙන්න කලින් මට අදුර ගන්න බැරි උනානේ ඔයාව "

" ඒකට කමක් නෑ රෝස් මටත් මුලින්ම ඔයාව අදුර ගන්න බැරි උනා "

" ඔයා ගොඩක් වෙනස් වෙලා ඒ වගේම ගොඩක් කඩවසම් වෙලා "

" මං විතරද ඔයත් වෙනස් වෙලා තියෙන්නේ ඔයා ගොඩක් ලස්සන වෙලානේ රෝස් "

" හාහා ඉතිම් කොහොමද ඔයාට "

" මම හොදින් ඔයාට කොහොමද "

" මමත් හොදින් අනේ මට හිතා ගන්න මට ඔයාව මීට් උනා කියලා දෙවියනේ අවුරුදු ගානකට පස්සෙනෙ මේ අපි හම්බ උනේ "

රෝස් තමන්ගේ අත් දෙකත් එකතු කර ගෙන උඩ පනින ගන් කිව්වේ ගොඩක් කාලෙකට පස්සේ ටේහ්‍යොන් ව දැක්ක සතුටට

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now