🦋 Chapter 38 🦋

651 181 10
                                    


" ටේ සිරාවටම මම සප්‍රයිස් උනා මම හිතුවේ නෑ ඔයා පහුවදාම කොරියා එයි කියලා "

මීටින් එක ඉවර උනු හැටියෙම ජූන් තමන්ගේ කැබින් එකට එද්දි ජින් එක්ක ටේහ්‍යොන් වගේම ජංකුකුත් ඉද්දි ජූන් ව ටිකක් සප්‍රයිස් වෙලා ගියා

" මම මෙච්චර ඉක්මනට එන්න හිතන් හිටියේ නැහැ හියුන් ඒත් කොහෙද මහ රෑම යමු කියලා ජංකුක් මාව කන්න හැදුවනේ ඉතිම් ඒකයි හැරෙන තැපෑලෙන් අපි ආවේ "

" ඒත් ඒක හොදයි ටේ මොකද සමුච්චන් එක්ක කතා බහ කරලා තියෙන දෙයක් ඉක්මනට විසද ගත්තා නම් හොදයිනේ "

" අන්න හරි ජූන් හියුන් ඔන්න ඔය ටිකම තමා මමත් මේ බූරුවට කිව්වේ ඒත් කොහෙද අපි කියන දේවල් අහන්නේ නැහැනේ මේ ගොන් වස්සා "

ජංකුක් ඒ අස්සේ ටේහ්‍යොන් ට බනිද්දි ටේහ්‍යොන් නම් තමන්ගේ ඇස් කරකවමින් අහක බලා ගත්තා . ජූන් ටේහ්‍යොන් ට හිනා වෙන්න හැදුවත් ජින් තමන්ගේ ඇසුත් හීනි කර ගෙන ජූන් දිහා බලන් හිටපු නිසා ජූන් සද්ද නොකර පාඩුවේ හිටියා .

" ඒකෙන් දැන් වැඩක් නෑ ජංකුක් .. ඒක නෙමේ ටේ ඔයා කොරියා ආපු විස්තිය මම සමුච්චන් ට කියන්නද නැත්තම් එයා දන්නේ නෑනේ ඔයා ආවා කියලා "

" ඩෑඩ්ට කියන්න ඕනේ තමා ඒත් හියුන් එයා ජංකුක් ගැන දැන ගත්තොත් මම විකාරයක් කරයිද දන්නේ නැහැ "

" එහෙමයි කියලා බය වෙලා බෑනේ ටේ එන විදිහකට මුහුණ දෙමු මොකද සමුච්චන් ජංකුක් ව මරන්නේ නෑනේ "

" එහෙම නෙමේ මම කියන්නේ එයා මාවයි ජංකුක් වයි වෙන් කරන්න හැදුවොත් ඇත්තමයි හියුන් ඩෑඩ් එහෙම කලොත් මම ආයේ හොයා ගන්න බැරි වෙන්න ජංකුක් එක්ක වෙන් රටකට ගිහින් ඉන්නවා "

" ඔය ඉතිම් තමුසේ සේරටම කලින් නැට්ට පාග ගෙන ඉවරයිනේ පොඩ්ඩක් ඉන්නවා සමුච්චන් එක්ක කතා කරලා බලනවා එතකොට තේරෙයිනේ එයා මොකාටද එන්න හදන්නේ කියලා "

ජූන් ටේහ්‍යොන් ට බොහොම අමාරුවෙන් තේරුන් කරලා දෙද්දි ඒත් ටේහ්‍යොන් කියන මහ මොල ගෙඩියා ජූන් කියපු ඔය කිසිම දෙයක් නම් ඔලුවට ගත්තේ නැහැ . 

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Où les histoires vivent. Découvrez maintenant