🦋 Chapter 27 🦋

882 222 8
                                    


ටේහ්‍යොන් ට සම්පූර්ණයෙන්ම හොද වෙලා තිබුනු නිසා වික්ටෝරියවයි ජෙනීවයි ෆ්ලවර් ශොප් එකට නොයවා ටේහ්‍යොන් ශොප් එකට ආයෙත් යන්න පටන් ගත්තා . ටේහ්‍යොන් ශොප් එකට යන එකට ජංකුක් අකමැති උනත් ජංකුක් ට ඒකට විරුද්ද වෙන්න බැරි උනා .

කිචන් එකේ ඉදන් කට්ටියටම ලන්ච් එක රෙඩී කර කර හිටපු වික්ටෝරියා ගාවට ජෙනී හිමින් සීරුවේ ආවේ හොර  ගල් ඇහිදින ගමන් . වික්ටෝරියගේ පිටි පැස්සට වෙලා වික්ටෝරියා කරන දේවල් දිහා ජෙනී හරි උනන්දුවෙන් බලන් හිටියා

" ජෙනී බේබී මොකද මේ හොර පූසී වගේ ඉන්නේ "

වික්ටෝරියා තමන්ගේ පිටි පැස්සේ ඉන්න ජෙනීට එහෙම කියද්දි ජෙනී කලේ හිනා වෙන ගමන් වික්ටෝරියව හග් කරපු එක

" අජුම්මා කොහොමද දැන ගත්තේ මං ඉන්නේ කියලා මම අජුම්මට දැනෙන්නේ නැති වෙන්නනේ ආවේ "

ජෙනී පැන්ට්‍රි එකට හේත්තු වෙලා අහද්දි වික්ටෝරියා එලවලු කපන අතරෙම හිනා උනා

" මට මතක විදිහට ජෙනී බෙබී චූටී කලේ ඉදන් පාවිච්චි කලේ ජැස්මින් පර්ෆියුම් ඉතිම් මට දැනුත් ආවේ ඒ පොඩි කාලෙම ආපු ජැස්මින් පර්ෆියුම් එකේ සුවද තමා . ඉතිම් මම හිතුවා ජෙනී බේබී ඇවිත් කියලා "

" අජුම්මට තාමත් ඒක මතකද ? දෙයියනේ අවුරුදු ගානක්නේ දැන් "

" කොච්චර කල් ගියත් සමහර ලස්සන දේවල්  එහෙම අමතක වෙන්නේ නෑනේ බේබී "

" ඒක නම් ඇත්ත ඒත් පොඩි කාලේ උනු ගොඩක් දේවල් මට අමතකයි "

" ඒ දවස් වල උනෙත් මතක තියා ගන්න පුලුවන් දේවල් නෙමේනේ ජෙනී බේබී ඉතිම් ඒ දේවල් අමතක උනු එකමයි හොද "

වික්ටෝරියා මීට අවුරුදු හත අටකට පෙර උනු දේවල් ගැන කියද්දි ජෙනී උනත් හිස හෙලෙව්වේ වික්ටෝරියා කියපු කතාව ඇත්තක් නිසා .

" අජුම්මා දන්නවද වැඩක් "

" මොකක්ද ජෙනී බේබී "

" ඩැඩා ඊයේ රෑ මට කතා කලා එයා ඔප්පා ගැන කතා කලේ එයා කිව්වා ඩැඩ් කෙනෙක් විදිහට එයා තමන්ගේ පුතට ගොඩක් රිද්දුවලු එයාව තේරුන් ගත්තේ නෑලු ඔප්පව හම්බ උනොත් එයාගෙන් සමාව ගන්නවා කියලත් කිව්වා "

𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒  || 𝐓𝐊 ✔✔Where stories live. Discover now