At the kim company ...
" ආයිශ් හියුන් දැන් නම් මගේ මොලේ විකාරයි වගේ ..පැරිස් වල ඉද්දි මම ශෝක් එකට වැඩ ටික කලා මෙහෙට ආවට පස්සේ වැඩ දෙක වෙලා මගේ ඔලුවත් බර වෙලා මෙච්චර ෆයිල්ස් සෙට්ල්මන්ට් කරන්නේ කොහොමද හියුන් "
" ඒකට තමා ටේ සෙකට්රි කෙනෙක් ගන්න ඕනේ කියන්නේ දැන් මටත් ඉන්නේ මිස් යූරා "
" මෙයා ඒක තමා ජින් හියුන්ව ජංකුක් එක්ක නවත්තලා එන එකට එකෙන්ම කැමති උනේ . මිස් යූරට ලයින් දානවනේ හියුන් ඔයා "
ටේහ්යොන් කියපු මෝඩ කතාවට ජූන් ලග තිබ්බ ෆයිල් එකෙන්ම හොද පාරක් ටේහ්යොන් ගේ ඔලුවට දෙද්දි ටේහ්යොන් ජූන්ටත් රවන ගමන්ම තමන්ගේ ඔලුව අල්ල ගත්තා .
" සමුච්චන් කිව්වා ඔයාට කෙනෙක්ව ඉක්මනින් හොයලා දෙන්නම් කියලා ඉතිම් ඔයාට හොද සෙකට්රි කෙනෙක්ව සමුච්චන් සිලෙක්ට් කරලා දෙයි "
" දැන් මගේ සෙකට්රිව සිලෙක්ට් කරන්නෙත් එයාද ශා නියමයිනේ මගේ ජිවීතේ මට කිසිම තීරණයක් ගන්න බැහැ "
" අයිගෝ ටේ ඔයත් පොඩි එකෙක් වගේ වෙන්න එපා හැම එකටම සමුච්චන් එක්ක එල්ලෙන්න් යන්නත් එපා සෙකට්රි ව විතරනේ එයා සිලෙක්ට් කරන්නේ "
" ඇයි මගේ ලයිෆ් පාර්ට්නෙර් වත් එයා සිලෙක්ට් කලේ මොන කෙහල් මලක්ද මන්දා තකහනියක් පැරිස් වල ඉදන් එන්න කිව්වේ මට මගුලක් ගැන කියන්නද "
" මං නම් කියන්නේ ඔයාට රෝස් එක්ක පොඩ්ඩක් මේ ගැන කතා කරන්න කියලා මොකද අපි දන්නේ නෑනේ පාක් අන්කල්ගේ බල කිරීමට රෝස් වචනේ දුන්නද කියලා "
" අනික හියුන් පාක් අන්කල් ඇයි එහෙම කලේ එයා හොදටම දන්නවනේ මං මොන වගේ කෙනෙක්ද කියලා මම එයාව ගොඩක් විශ්වාස කලා ඒත් මොනවද එයා අන්තිමේදී කලේ ? "
ටේහ්යොන් වචන ඇතුලේ තිබුනේ ලොකු බලාපොරොත්තු කඩවීමක් . හැම කෙනෙක්ම වගේම මිස්ටර් පාක් කලෙත් ටේහ්යොන් ගේ ජීවිතේට තවත් ප්රශ්නයක් ගෙනල්ලා අත ඇරපු එක . වෙන දේවල් දැක්කම ටේහ්යොන් ගේ ඔලුව කම්මල වගේ තිබුනත් ටේහ්යොන් මෙහෙම හරි ඉන්නේ ජංකුක් ජූන් නිසා .
YOU ARE READING
𝐋𝐎𝐒𝐓 𝐈𝐍 𝐏𝐀𝐑𝐈𝐒 || 𝐓𝐊 ✔✔
Romance" ඇයි ඔයා ඔච්චර පරණ තාලේ විදිහට අදින්නේ අලුත් ජෙනරේෂන් එකේ කොච්චර ෆැෂන් තියෙනවද .. පොඩ්ඩක් ඒවත් ට්රයි කරලා බලන්නකෝ " ______________________________________________ " ඇත්තටම එයා ගොඩක් බෝරින් කෙනෙක් කිසිම ෆන් එකක් නෑ " ______________________________...