Chapter 46

450 60 30
                                    


" වාට්ට්... මොකක්ද හ්‍යුන්ග් එ කතාව. එ කියන්නෙ හොබී හ්‍යුන්ග් සෝහ්‍යුන්ව රට යවලා. මොන කෙහෙම්මලකටද ඒ"

" ඔය දෙන්නගෙම හොදට"

" මො මොකක්ද අපි දෙන්නගෙම. තේරෙන්න කියන්නකො අනෙ. කෙහෙම්මල"

මම හිටියෙ එයාගෙ අපාර්ට්මන්ට් එකේ රෑ එකොලහයි තිස් තුනට එයාගෙ රූම් එකේ එයාගෙ ඇද උඩ එයාගෙ ඇග උඩින් වාඩි වෙලා අයිස් ක්‍රීම් එකක් කන ගමන් එයා කියන අපප්බ්‍රන්ස කතාවට කන් දීගෙන. අද මම ආවනෙ එයා එක්ක නිදාගන්න..  ඒක නෙවෙ අර හුටපටෙ වෙච්ච දවස් වලම හොබා කාරයා සෝහ්‍යුන් කාරයව රට පටවලාය කියන්නෙ. ඒකත් මගෙයි උගෙයි දෙන්නගෙම හොදටය කියල කියන්නෙ. මොන හරුපයක්ද ඒ. මට නැත වැටහෙන්නෙ.

" ඒකට හේතුවක් තියෙනව. මම දන්නෙත් මෙ ඊයෙ පෙරේදා බබා"

" ඉතින් කියන්නකො මටත්. කො ආ කියන්න."

" ම්හ්. මට එපා මෙ රැ අයිස් කාලා ලෙඩ වෙන්න බැ මට."

" ඉතින් කමන්නැ මම ඔයාට බෙහෙත් දෙන්නම්. මං දැං ඩොක්ට කෙනෙක්නෙ. කො ආ කියන්න මගෙ හොද ළමයා වගෙ. අන්න එහෙම. ඔය කෑවෙ අගේට."

මූනට වැටිල තිබුන කෙස් ටිකක් මගෙ කන පිටිපස්සෙ රඳවපු එයාට මන් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් අයිස්ක්‍රීම් එකෙන් හැන්දක් කැව්වා. බොරුවටනෙ බැ බැ ගාන්නෙ. එයා ආසත් මෙව්වට. ඔය කන්නෙ අගේට. බොරුව තියෙන්නෙ මුන්ගෙ හහ්...

" ඔයා දන්නව ඇති නෙ උගෙ අප්පා නැ කියලා. ඔම්මා විතරයි නෙ ඉන්නෙ"

" ඔව්ව්.. සෝහ්‍යුන් මට එ ගැන කිව්වා එ කාලෙ"

" ඉතින් උගෙ අප්පා නැති වෙලා තියෙන්නෙ අපෙ හොබාගෙ අප්පව බේරගන්න ගිහිල්ලාලු. හොබා ඒක දැනගෙන තියෙන්නෙත් ඉස්කෝලෙ ගමනෙන් පස්සෙ."

" අප්පාහ්"

"ඔයා දන්නවද අපෙ හොබාගෙ අප්පා මොනව කරන කෙනෙක්ද කියලා..."

" ම්හු නෑ නෙ. සෝහ්‍යුන්ගෙ අප්පා වැඩ කලේ හොබා හ්‍යුන්ග්ගෙ අප්පට කියලා නම් දන්නව. එච්චරයි"

" මාෆියා"

" ඕ...."

" ඉතින් ඔය කේස් එකකදි හොබාගෙ අප්පව එයාගෙ තරහකාරයො වගයක් මරන්න ට්‍රක් එකකට යට කරන්න හදද්දි කා එක ඩ්‍රයිව් කරල තියෙන්නෙ සෝහ්‍යුන්ගෙ අප්පා. ඉතින් හොබාගෙ අප්පව බේරගන්න ඕන හින්දා ට්‍රක් එකෙ හැප්පෙනවත් එක්කම මනුස්සය හොබාගෙ අප්පා බේරෙන විදිහට එක තත්පරෙන් වාහනෙ පාරෙන් එලියට කපලා තමන් ගැනවත් නොහිතා. ඉතින් සෝහ්‍යුන්ගෙ අප්පා හිටපු පැත්ත කුඩුලු. ඉතින් එයා එතනමලු"

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now