Chapter 37

458 62 16
                                    


බයික් වල එන්න පුළුවන් දුර ඇවිත් රෙස්ටුරන්ට් එකකින් උදෙ කෑම කාලා දවල්ට කෑමත් අරගෙන බයික් එතන දාලා අපි කන්ද නගින්න පටන් ගත්තා.

ජිමින්ටයි වසවර්ති සුගාටයි ඉස්සර වෙන්න දීල එයා මගෙ අතින් අල්ල ගත්තා. සුගා කාරයා තාමත්  තරහෙ පුපුරනවා. හීන් සැරෙ ජිමිනට කියන්න ඕන මෙ වසවර්ති මාරයා නැතුව වෙන කෙනෙක් හොයාගමුද කියලා. මගෙ කොල්ලට මෙහෙම දුක්විදින්න දෙන්න බැහ්.

" සුදූ...."

එයා මට අලුත් නමකින් කතා කලා..

" ම්ම්.."

" පරිස්සමින්.. තුවාල කරගන්න එපා.."

එයා කිව්වේ පුන්චි වචන හතරක් උනාට එ වචන ඇතුලෙ එයාගෙ ආදරෙ මහගොඩක් තිබුනා. මට සුදු කියපු විදිහ, පරිස්සමින් කියපු විදිහ. එ වචන වල ආදරෙ උතුරනවා. එ විතරක් නෙවෙයි මගෙ දිහාවට යොමු වෙලා තියෙන එයාගෙ ඇස්... ආදරෙ පිරුන ඒ ඇස් ගොඩාක් දේවල් කියනවා.

ඉස්සර හිටපු එයා ගැන මතක් කරලා දැන් ඉන්න මෙ මගෙ ඉස්සරහා ඉන්න ආදරණීය මනුස්සයා දිහා බැලුවම.. මැජික් එකක් වගේ. ඒ තරම් එයා වෙනස් වෙලා. ඉස්සර මාව පෙන්නන්න බැරි වුන එයා.. මාව රිදවන්න උත්සහ කරපු එයා.. අද මාව පරිස්සම් කරනවා. මට රිදෙනවට අකමැති වෙලා. පිටින් බලලා මිනිස්සු කවුද කියල අඳුරගන්න බෑ කියන කතාව මගෙ ඇස් පනාපිටම යතාර්තයක් වෙලා. මම මෙ මනුස්සයට හරි ආදරෙයි. මම මෙ ආදරේට හරි ලෝබයි. ඉස්සර මට කරදර කරපු එයාම අද මාව ආරක්ශා කරනවා. රකිනවා.

" ආව්"

" මම කිව්වනෙ බබා.. පරිස්සම් වෙන්න. තුවාල උනාද"

" නැ හ්‍යුන්ග් අවුලක් නෑ"

" එන්න මෙ පැත්තට ඔය පැත්තෙ ගල්නෙ"

එයා මාව එයාගෙ අනිත් පැත්තට දාලා ගල් තියෙන පැත්තෙන් එයා එනවා.

" හ්‍යුන්ග්..."

" ම්ම්..."

" ඇයි හ්‍යුන්ග් මෙච්චර ආදරෙ"

එයා මුකුත් කිව්වෙ නැ එයා හිනා වුනා. හිනා වෙලා  එයාගෙ ඇගිලි පටලවාගෙන ඉන්න මගෙ අත උඩින් හාදුවක් තිබ්බා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now