" ඕයි තාරාවො තාම බුදිද. අද වගෙ දවසකවත් අපතයා වගෙ බුදියන්නැතුව නැගිටපං.."
" ම්ම් ගුඩ්මෝනිං.. "
" මෝනිං මෝනිං නැගිටපං දැන් "
"වෙලාව කීයද බං.. එ මට යන්න බැ ඕයි"
" ට-හුක් අනෙ මගුලක්. මම තව විනාඩි 20න් උඹලගෙ ගෙ ඉස්සරහා.. දැන් වෙලාව 5.04යි.. මොන ලෝකෙන් හරි මම එනකොට ලෑස්ති වෙලා ඉදපන්.."
" ...."
" හරිද... තේරුනානේ...."
"...."
ජිමිනා ගොනා.. ඕකා කම්මැලියා. අද තමා අපි ඉස්සරෝම එක්සෑම් පාස් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්නෙ. මෙ තාරාවා යන්න බෑලු. යකො ඉස්කෝලෙන්ම හොදම රිසාල්ට් තියෙන්නෙ අපි දෙන්නට. ඉතින් එහෙම එකේ හැමදාම මෙ පොඩි ඉස්කෝලෙ අඩු පහසුකම් යටතෙ දුක් විදින්න ඕනෙද. මගෙත් වැඩි කැමැත්තක් නැ තමා. ඒත් ඉතින් ටවුන් එකෙ ඉස්කෝලේ හෙන ආතල් කියල අපෙ හ්යුන්ග් කියල තියෙනවා. එයත් අපි වගෙ එක්සෑම් පාස් වෙලා ඒකට නෙ ගියෙ. ඉතින් අපෙ අප්පලා අපිව එ ඉස්කෝලෙට දැම්මා. ජිමිනා බැ කියද්දි මම තමා උන්ගෙ අප්පට බල කරෙ මෙ ගමෙ ඉස්කෝලේ වගෙ නෙවෙයි ඒක හරි හොදයි ජිමිනවත් ඒකට දාන්න කියලා. මට ඉතින් තනියම යන්න මොකද වගේනෙ පොඩි කාලෙ ඉදන්ම මගෙ යාලුවා ඌ.. ඉතින් උ නැති ජීවිතයක් මට නැ.
ජිමිනට ලොකුකම් කීවට මාත් දැන් තමා නැගිට්ටෙ. 5ට එලාම් තිබ්බට සීතල හින්ද ටිකක් බ්ලැන්කට් එකට ගුලි වෙලා ඇහි පිල්ලමක් ගහන අතරෙ විනාඩි 4ක් ගිහිල්ලා.. මුන්ගෙ අප්පගෙ වෙලාවල් මෙව්වා.. ඒත් ඉතින් මට ලෑස්ති වෙන්න යන්නෙ විනාඩි 10යි. අපෙ ගෙදර ඉදන් ජිමින්ලගෙ ගෙදර ගාවට තියෙන්නෙ විනාඩි දහයක දුර. ඉතින් මම ජිමිනට දුන්න විනාඩි විස්ස මට හොදටෝම ඇති ලෑස්ති වෙලා එහෙට යන්න.. එතනින් එහාට බස් එක්ක ගිහින් ටවුන් එකේ ඉස්කෝලේ ගාවම ලස්සනට බැස්සැකි.
ඉතින් ඇදෙන් නැගිටලා මම වොශ් රූම් එකට ගිහින් මූන කට හෝදන් ඔම්මා ඊයෙ මට බැන බැන අයන් කරලා තිබ්බ අලුත් සුවද ගහන ශර්ට් එකයි කලිසමයි ඇදන් ඊයෙ රෑම මම හදල තිබ්බ බෑග් එකත් කරෙ දාන් ඔම්මටයි අප්පටයි වැඳලා ඔඕමා අතින් කෑම කටකුත් කව්වන් ඉක්මනට බයිසිකලෙ නැගලා ජිමින හොයං යන්න පිටත් වුනා...
YOU ARE READING
𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞 ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)
FanfictionTaekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට thv ____________________ ගමේ ඉස්කෝලෙ ඉඳන් නගරේ ඉස්කෝලෙට අලුතින් යන ආදරණීය , දඟකාර , යන ය...