මම හිටියේ ක්ලාස් එකේ. ඉන්ටවල් නිසා ජිමිනා ගියා ලව් කරන්න. අද උගෙ තනියට මට යන්න වුනේ නෑ ඉංග්‍රීසි හෝම් වර්ක් කරන්න අමතක වුන නිසා. ඊලගට ඉංග්‍රීසි පීරියඩ් එක. ඉතින් මම තට්ට තනියම ක්ලාස් එකට වෙලා ජිමිනගෙ පොත අරන් කොප්ප ගහන ගමන් හිටියේ මේක ඉවර කරලම ගිහින් ඌව කැන්දන් එන්න හිතාගෙන.
මම කොච්චර පොතට සමවැදිලද කියනව නම් ටේහ්‍යුන් මගෙ ගාවට එනකන්වත් මට දැනුනෙ නෑ. පොර ඇවිත් මොකක්ද පාර්සල් එකක් ඩෙස් එක උඩට අතෑරලා පොත් එහෙට මෙහෙට කරලා ඩෙස් එකේම වාඩි වුනා.
" මෙ මොනවද මෙ"
මම පෑනෙ කෙලවරෙන් පාර්සල් එකට ඇන්නා. කියන්න බැ නෙ බෝම්බයක් ද කවුද දන්නෙ. හතුරො මිතුරු වෙසින් ඇවිත් තමා කෙලවලාම යන්නෙ.
" චොක්ලට්"
" එ මොකටද"
මම පාර්සල් එක එහෙට මෙහට කරකලා බැලුවා. බුදු ඔම්මෙ එක එක ජාතියෙ චොක්ලට්ස් හුගයි. .
" චොක්ලට් තියෙන්නෙ කන්නනෙ. තමුසෙට ගෙනාවෙ. යාලුවටත් දීලා කනවා"
"මෙච්චර හුගක්ක්.. මට තමුසෙ සැකයි"
" යකො මුන්ට කන්න ගෙනත් දුන්නත් වැරදියිද"
" ඉතින් ඇයි මට චොක්ලට් ගෙනාවෙ. තමුසෙ කන්න එපැයි "
" මම කන්නැ"
" ආ ඒකනෙ මම කිව්වෙ. මට තමුසෙ සැකයි. කන්නැ කියන්නෙ බොරුනෙ. එක්කො මේවගෙ අස්සෙ ඩ්‍රග්ස්වත් තියෙනවා ඇති. මට එපා"
" කෝ දීපිය"
මේකා මූන කුනු වෙච්ච කෙසෙල් ගෙඩියක් වගෙ කරගෙන චොක්ලට් මල්ලෙන් චොක්ලට් එකක් අරන් කෑල්ලක් කඩලා අරන් කටෙ ඔබා ගත්තා.
" දැන් හරි නෙ. සැක නැ නෙ. කාපන්.."
ඌ උගෙ අතෙ තිබ්බු ඉතුරු චොක්ලට් කෑල්ල මගෙ කට ගාවට දික් කරගෙන කැ ගැහුවා. පොරට හොදටම යකා නැගලා මූන රතුම රතුයි. ඊව් මෝඩ පගයා ඕකට තරහ ගන්න ඕනයැ. මට හිනාව නවත්තගන්න බැරි උනා. මූට මගෙ හිනාව දැකලා තවත් තරහ ගියා. මගෙ කටටම චොක්ලට් කෑල්ල ඔබලා ඩෙස් එකෙන් බිමට පැනලා මහපට ඇගිල්ලෙන් උගෙ බෙල්ලෙ ඉරක් අදිනව වගෙ කරල එතනින් යන්න ගියා. මම හීං සැරෙ චොක්ලට් මල්ලෙං තවත් චොක්ලට් එකක් අරන් කොලෙ ගලෝලා කටෙ ඔබාගෙන ලියන්න පටන් ගත්තා. මෝඩ පගයා දැන් ඔහොම බොරුවට රැස් පෙන්නුවට මම දැක්කනෙ එදා. පුන්චි එකෙක් වගෙ මගෙ උරහිස තෙමෙන්න කදුලු වක්කරපු හැටි.
YOU ARE READING
𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞 ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)
FanfictionTaekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට thv ____________________ ගමේ ඉස්කෝලෙ ඉඳන් නගරේ ඉස්කෝලෙට අලුතින් යන ආදරණීය , දඟකාර , යන ය...