මම ගල්ගැහිලා වගෙ බලන් හිටියේ දැන් තත්පර ගානකට කලින් මට එ ඇහුණු දේ ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් ද. අපි හිටියේ ග්‍රවුන්ඩ් එකේ මෝනින් එසෙම්බ්ලි එකේ හිටගෙන. ඒත් මට දැන් ඒ ඇහුණු දේ...? ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් කිම් ටේහ්‍යුන්... ???
ඔව් මගෙ මතකෙ හොඳයි නම් දැන් තත්පර ගානකට කලින් මයික් එක අතේ තියන් ඉන්න බෝයි නෙක්ස්ට් ස්පීච් එක කරන්න ඉන්වයිට් කලේ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් ට. හරි ඒක ප්‍රශ්නයක් නැ කියමුකො. ඒත් අගට කිව්වෙ ටේහ්‍යුන් ගෙ නම.... එතකොට ඉස්කෝලේ ඩිපියුටි හෙඩ් මූද.. නැ ඒක කවදාවත් වෙන්න බෑ.. කොහොමටවත් වෙන්න බෑ.
සමහරවිට කිම් ටේහ්‍යුන් කියන්නෙ වෙන ටේහ්‍යුන් කෙනෙක් වෙන්න ඇති. මේ රටේ ටේහ්‍යුන් කියල කීදෙනක් නම් ඉන්නවා ඇතිද. මූ විතරයි යැ ටේහ්‍යුන් කියන්නෙ.. ඒත් උදේ හෙඩ් හ්‍යුන්ග් කීවනෙ අරූටත් ස්පීච් එකක් තියෙනවා කියල. එතකොට ඉස්කෝලේ ටේහ්‍යුන් ලා දෙන්නෙක්ද. ඒත් ඒ ටේහ්‍යුන්ලා දෙන්නටම අදම ස්පීච් තියෙනවා ද. ඒත් ඒක ටිකක් අමුතුයි වගේ නැද්ද. ආහ් මගෙ ඔලුව පුපුරනව ලඟදිම මෙ සිද්ද වෙන දේවල් නිසා. ඉස්කෝලේ ප්‍රශ්න නිසා මගෙ ඔලුවට කිසිම සැනසීමක් නෑනෙ. දවසින් දවස මොහොතින් මොහොත අලුත් ප්‍රශ්නයක්.. ආහ්හ් ඔම්මා...හ්
මගෙ ලොකු වෙලා තිබ්බ ඇස් දෙක තවත් ලොකුවෙලා ගියා ඉස්සරහට ඇවිත් මයික් එක අතට ගත්තු කෙනා දැකලා. මගෙ පරම වෛරක්කාර ටේහ්‍යුන්.. ඇත්තටම මොනාද මෙ සිද්ද වෙන දේවල්.
එයා ඇවිත් මයික් එකට ඇගිල්ලෙන් තට්ටු දෙකක් දාලා එතන හිටපු හැමෝගෙන්ම අවසර අරන් එක හුස්මට හෙන ලොකු දිග කතාවක් කරගෙන ගියා.
මම මේ වෙනකන් දැකලා තිබ්බ ටේහ්‍යුන් නෙවෙයි එතන ඒ ඉන්නෙ. ඒ කියන්නෙ දෙන්නෙක් නෙවෙයි අර වසවර්තියම තමයි. රූපෙ එකයි ඒත් හැසිරීම.... ඒක නම් හාත්පසින්ම වෙනස්. එ වචන වල වෙනදා වගෙ කිසිම ආකාරයකින් දඩබ්බර ගතියක් අහංකාර ගතියක් තිබ්බෙ නෑ. හරි නිවිච්ච තැම්පත් මනුස්සයෙක් වගෙ හරි ලස්සනට කතා කරනවා. මම දැක්කා හැමෝම වගෙ කට ඇරන් බලන් හිටියේ ටේහ්‍යුන් දිහා.
YOU ARE READING
𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞 ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)
FanfictionTaekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට thv ____________________ ගමේ ඉස්කෝලෙ ඉඳන් නගරේ ඉස්කෝලෙට අලුතින් යන ආදරණීය , දඟකාර , යන ය...