Chapter 36

505 62 20
                                    



එදා රෑ හතර දෙනෙක්ගෙ විතර බඩගින්නක් සන්සිදුවන්න පුළුවන් තරම් ලොකුම ලොකු කෑම එකක් බොහෝම අමාරුවෙන් පැය ගානක් දගලලා මගෙ පුන්චි බඩ ඇතුලට පුරවගෙන ඔම්මගෙන් අවසර ගත්ත මම අද පාන්දරම නැගිටලා ලෑස්ති වෙන්නෙ පහ හමාරට ටේහ්‍යුන් හ්‍යුන්ග් මාව ගන්න එනවයි කියපු නිසා. අපි යන්නෙ බයික් වල. කපල් දෙක බයික් දෙකක වගේම තනිකඩයා තනි බයික් එකක තමයි යන්නෙ. පහ හමාරට එනවයි කිව්වට පහයි කාලට නැගිටපු මම තමා මගෙ මල සමයමටත් ඇහැරෙව්වෙ. ඊටපස්සෙ ජිමින්ටත් ඇහැරෙව්වෙ මම. යන්න තැන් හොයලා හොයලා අවසානෙට හයිකිං එක්කට අපි හැමෝම කැමති උනා.

සුටුස් ගාලා වොශ් එකක් දාගෙන කලිසම ඇදගෙන ටීශට් එකකුත් ඇදගෙන සීතල නිසා ඊට උඩින් හූඩි එකකුත් උඩින් දාගත්ත මම පෝන් එක දිහා බැලුවම වෙලාව පහයි හතලිහයි. වෙලාවක් කීවම වෙලාවට වැඩ කරන සෝක් කට්ටිය. වෙලාව කීවම මතක් උනෙ මගෙ වොච් එක. වෙලාව හිටලා තිබ්බත් මම මගෙ වොච් එකත් අතේ බැදගත්තා. ඩීසන් විදිහට යන්න එපැයි ඉතින්. අපෙ ප්‍රින්සිපල් ස'ගෙ පුන්චි බෑනා පොඩ්ඩනෙ මම.හ්‍යුන්ග්ගෙන් උස්සපු ජෙල් පැකට් එකත් කඩාගෙන අත් දෙකට හලලා කොන්ඩෙ උඩට කරලා හදලා කොලොන් බෝතලෙන් ඔලුවටයි බෙල්ල දෙපැත්තටයි අත් දෙකේ වලලු කරවල් දෙකටයි ඇදුමෙ කිහිලි දෙකටයි ඉහ ගත්තු මම කලිසමටත් බින්දු කීපයක් හලාගෙන ශූ දෙක දා ගත්තා. ශූ දෙකෙ දූවිලි පොඩ්ඩක් වහලා වගෙ තිබ්බ නිසා පරන රෙදි කෑල්ලක් අරන් ශූ දෙකත් පිහ දැම්මා. මෙ සේරම අතරෙ ඔම්මා හදලා දීපු කිරි වීදුරුවත් මම බීලා ඉවර කලා.

" වොහ් මේ ඉන්නෙ ශාරුක් අංකල්ගෙ මල්ලි වගේ..."

කණ්ණාඩියෙන් මගෙ මුලු සර්වාගෙ දිහාම සර්ච් පාරක් දාපු මම නලලට වැටිලා තිබ්බ කෙස් කැරැල්ලත් කෙල චුට්ටක් ගාලා උඩට හදාගත්තා. ඊලගට අප්පට ඇහැරෙන්නෙ නැතිවෙන්න හීන් සැරෙ ඔම්මලාගෙ රූම් එකට හොරාවට රිංගලා ඔම්මගෙ ලිප් බාම් එකත් මගෙ තොල් දෙකේ උලාගත්තා. ඒකෙන් ආවෙ තනිකරම ස්ට්‍රෝබෙරි සුවදක් වෙනකොට මම ලිප් බාම් එක චුට්ටක් ලෙව කාලත් බැලුවා.

" බුවැක්"

සුවද විතරයි මෙව්වගෙ. ස්ට්‍රෝබෙරි රසක් නෑ. ඊව්. කවුද දන්නැ මෙව්වා හදන්නෙ. රසත් චුට්ටක් මෙව්වට කලවම් කරා නම් මොකද වෙන්නෙ මම අහන්නෙ.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now