Chapter 26

472 74 17
                                    


Tae pov

මම දන්නැ මෙ පිස්සු කොල්ලා මට මොනව කරලද කියලා. මොකක්ද ජන්කුක් උබ මට මෙ කරලා තියෙන්නෙ. මම පිස්සෙක් වගෙ හැසිරෙනවද කියලත් වෙලාවකට හිතෙනවා.  උබ දන්නැ බන් මෙ ටේහ්‍යුන් කියන්නෙ කවදාවත් කිසිම එකෙක් කීව පලියට දෙයක් කරන එකෙක් නෙවෙයි. ඒත් උබෙ වචනයක් නිසා මෙ මෝඩයා හැමදේම නැවැත්තුවා.  ඒ මම උබට ආදරෙ නිසා ජන්කුක්...

එයා රූම් එකෙන් ගියාම මම ටවල් එක පිටින්ම ඇදට වැටිලා ඔහේ කල්පනා කර කර හිටියේ කොහොම හිටිය එකෙක්ද මෙ හොද එකෙක් වේගන එන්නෙ කියල.

හැබැයි මට තවමත් හිතාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනව. ඇයි මට එයා කිව්වෙ ඩ්‍රග්ස් යූස් කරන එක නවත්තන්න කියලා. හොබා නම් කියන්නෙ ජන්කුක් මට කැමති ඇති කියලා. ඌ කියනව වගෙ උබත් මට කැමතියි ද ජන්කුක්.. ඒකද මේ මට නීති දාන්නෙ...

හෝව් හෝව් කල්පනා කලා ඇති. මගෙ කොල්ලා දැන් ඉන්නෙ මගෙ ගෙදර. ඒත් මම මෝඩයා වගෙ මෙහෙට වෙලා කල්පනා කර කර ඉන්නවා.

මම ඉක්මනට ඇදුමක් දාන් ඔම්මගෙ රූම් එක ගාවට ගියා. ඒත් මට ඇතුලට යන්න හිත දුන්නෙ නෑ. මොකද මම දැන් ගියොත් ජන්කුක්ගෙ කතාව නතර වෙනවා. එයා කෝච්චියක් ස්ටාට් කරලා වගෙ ඔම්මා එක්ක මොනවා හරි බර කතාවක. අනික දැන් ටිකකට කලින් වෙච්ච දේ නිසා එයාට අපහසු වෙන්නත් පුළුවන් මාව දකින එක. ඉතින් එ හේතු නිසා එහෙමම මම දොර ගාවින් බිත්තියට හේත්තු වෙලා එයා කියන්නෙ මොනාද කියල අහගෙන හිටියා.

මම හිතුවෙ මොනව හරි වැදගත් දෙයක් ගැන කියනව ඇති කියලා.. ඒත් මටයි වැරදුනේ. මේ කොල්ලා අයන් මෑන් ගැන සවිස්තරාත්මක විස්තරයක් ඔම්මා එක්ක කියවනවා. එයා ගාව අයන් මෑන් රොබෝ කෙනෙකුත් ඉන්නවලු. අනේමන්ද ජන්කුක් උබ තාම පොඩි එකෙක් වගේ. මම ආසයි උබ ඔය විදිහට මගෙ ගාවත් හුරතල් වෙනව නම්. විවෘත වෙනව නම්. ඒත් උබට මාව පේන්නෙ හතුරෙක් වගේනෙ.

මගෙ හිතෙ මෙ කොල්ලා ගැන ආදරයක් ඇති වුනේ කොහොමද කියනව නම් මුලින්ම දැක්ක දවසෙ එ කියන්නෙ එයා ඉස්කෝලෙට ආව මුල්ම දවස මට මහ ලොකු අමුත්තක් දැනුනා. ඒක අමුතු හැගීමක්. ඒත් මට හරියටම  තේරුම් ගන්න බැරි උනා එ හැඟීම මොකක්ද කියල. ඒක තේරුම් ගන්න බැරුව මම එයා එක්ක රණ්ඩු වුනා. එයාට ගොඩාක් රිද්දුවා.

𝐀 𝐌𝐞𝐥𝐨𝐝𝐲 𝐎𝐟 𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐋𝐨𝐯𝐞  ᵗᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ (completed)Where stories live. Discover now