< Kim get sick >

314 63 53
                                    

ජැක්සන්ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඇසි පිය හෙලන සැනින් සතියක කාලයක් හරි සාමකාමීව ගත උනා . එහෙත් ගෙවුනු කාලය තුල රොනීගේ කරදර වලින් නම් ජංකුක් ට අඩුවක් තිබුනේ නැහැ . ජංකුක් පුලුවන් හැම වෙලාවකම රොනීව මග හැරියා . තමන්ට ලැබෙන තප්පරයක් උනත් ටේහ්‍යොන් ගෙන් ඈත් නොවී ඉන්න තරම් ජංකුක් පරිස්සන් උනා .

නමුත් ජැක්සන්ගේ මරණයත් සමග දිගටම අහන්න ලැබුනේ එතරම් හොද දේවල් නම් නෙමෙයි . තවත් මාෆියා කල්ලි අතර සිදු වුනු වෙඩි හුවමාරුව නිසාම දිගින් දිගටම මාෆියාවට සම්බන්ද වූ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වෙන්න ගත්තා . ඒ හැම දේකටම කිසිවෙකුත් නොදැනුවත්ව ජේම් සම්බන්ද උනා . හරියටම කිවහොත් මැගීගේ කතාවට තිත තියන්න ජේම් තමන්ගේ පාර සකස ගත්තා .

එහෙත් කිසිවකුටවත් ඒ ගැන දැන ගන්න කිසිදු ඉඩක් තිබුනේ නැහැ . ජංකුකුත් සාමන්‍ය පරිදි ටේහ්‍යොන් සමග කාලය ගත කලා . ඒ අතර තුරදි කිම්ගේ ටී එකට Curare පවුඩර් එක එකතු කරන්න ජංකුක් අමතක කලේ නැහැ . දැන් දැන් කිම්ගේ සුලු සුලු වෙනස් වීම් ඇති වෙන්න ගද්දි ජංකුක් තමන්ගේ සැලැස්මෙහි සාර්ථකත්වය දුර තියාම දුටුවා . ඇතැම් විට කිම් පිළිබදව ජංකුක් වද වූවත් තමන්ගේ රාජකාරිය නිසාම තම හැගීම් වලට අගුලු දමන්නට ජංකුක් ට සිදු උනා .

මද්‍යහනය ලං වෙද්දි කිම් බැන්ග්ලෝ එකේ සිටි ටේහ්‍යොනුත් ජංකුකුත් ස්ටෙෆනිගෙ මැන්ෂන් එකට පිටත් උනා . ටේහ්‍යොන් මුලු දවසම ජංකුක් සමග ගත කරන්න අදහස් කර ගෙන සිටියත් ස්ටෙෆනි හට වැදගත් පණිවිඩයක් තමන්ට කියන්න තිබෙනවා යැයි කියූ නිසාම ටේහ්‍යොන් ඉක්මනින් ජංකුක් සමග මැන්ෂන් එකට පිටත් උනා .

ටේහ්‍යොනුත් ජංකුකුත් මැන්ෂන් එකට එනවා දුටු සැනින්ම ස්ටෙෆනි දුව ගෙන ඇවිත් ටේහ්‍යොන් ව හග් කලා . එහෙන්මම තුන් දෙනාම මැන්ෂන් එක ඇතුලට යද්දි ජංකුක් තමන්ගේ ඇස් වටේ යවමින් හෙව්වේ ජිමින්ව මොකද සාමාන්‍යෙන් ස්ටෙෆනිගේ මැන්ෂන් එකේ අනිවාර්යයෙන්ම ජිමින් සිටින නිසා වූවත් එහෙත් අද නම් ජිමින්ගේ හෙවනැල්ලක් වත් මැන්ෂන් එක ඇතුලේ ජංකුක් ට දකින්න ලැබුනේ නැහැ .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now