< Hold my hand >

495 108 55
                                    

" Hurry up darling !! අපිට ලේට් වෙන්න බැහැ "

ටේහ්‍යොන් නතාලියට බර වෙලා නතාලියගේ කී එකත් තමන්ගේ ඇගිල්ලකින් කරකවන අතරෙම කිව්වා . වෙනදා තවත් කෙනෙක් ඉස්සරහ ජංකුක් ට ඩාර්ලින් කියන්න දෙපාරක් හිතපු ටේහ්‍යොන් අද වෙනකොට ජංකුක් ට ඩාර්ලින් කියන්න හිත හිත හිටියේ නැහැ . ටේහ්‍යොන් ගාවින්ම කිම් හිටියත් කිම් උනත් ඒ ගැන වැඩිය හිතන්න ගියේ නැහැ .

මොකද ටේහ්‍යොන් මුල ඉදලම ජංකුක් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හිටපු නිසා කිම් හිතුවෙම එයාලගේ ෆ්‍රෙන්ඩ්ශිප් එක හන්දා එයාලා එහෙම ඉන්නවා ඇතී කියලා . ඒත් ලෝකෙට පෙන්නන ඔවුන්ගේ ෆ්‍රෙන්ඩ්ශිප් එක ඇතුලේ තිබුනු ඒ රහස වාසනාවකට කිසිම කෙනෙක් නොදැන හිටියා .

තවමත් ජංකුක් නොමැති නිසා ටේහ්‍යොන් තමන්ගේ අත් ඔරලෝසුව දිහා බැලුවා . ටේහ්‍යොන් ලන්ච් එකෙන් පස්සේ ඩේගු යන්න හිතන් හිටියත් හදිස්සියේම වැටුනු වැඩක් නිසා ඩේගු යන එක හවස් වරුවට වැටුනා . ජංකුක් හරි අපහසුවෙන් ලැගේජස් තුනකුත් උස්සන් එලියට එද්දි ටේහ්‍යොන් ඒ දිහා තමන්ගේ ඇහිබැමකුත් උස්සන් ප්‍රශ්නාර්ථයකින් පිරි බැල්මක් හෙලුවා .

" මෙච්චර ලැගේජස් මොකටද ඩාර්ලින් ?? අපි සතියකටයි ඩේගු යන්නේ "

ටේහ්‍යොන් ජංකුක් ගේ අතේ තියෙන ලැගේජස් පෙන්නලා අහද්දි කිමුත් ජංකුක් ගේ අතේ තියෙන ලැගේජස් දිහා බැලුවා . ඇත්තටම කිම්ට උනත් ඇති උනේ ටේහ්‍යොන් ඉදිරිපත් කෙරූ ප්‍රශ්නයමයි . ඒත් ඒ හැම ලැගේජ් එකක්ම ජංකුක් තද කරලා බදන් හිටියේ ඩේගු යන්න ඒ හැම එකක්ම තමන්ට ඕනේ කියන්න වගේ . කොහොමත් ජංකුක් අර ගෙන තිබුනේ තමන්ට ගොඩක් වැදගත් වන දේවල් කීපයක් .

" රෙඩ් කලර් ලැගේජ් එකේ මගේ ඇදුම් එතකොට බ්ලැක් කලර් ලැගේජ් එකේ වෙපන්ස් බුලට්ස් තව ඇනල්ගෙසික්ස් කරන්ට් ස්ටන් ගන් "

" What ??? ඩාර්ලින් අපි ආමි ට්‍රේනින් එකකට යනවා නෙමෙයි "

" ඒත් ඔයාව ප්‍රොටෙක්ට් කරන එක මගේ වගකීමක් ඒක නිසා මම හැම දේකටම රෙඩි වෙන්න ඕනේ "

ටේහ්‍යොන් බර සුසුමක් පහත හෙලද්දි කිම්ගේ මුහුණ පුරාම සිනහවකින් පිරිලා තිබුනා . ජංකුක් හැම විනාඩියකයම ටේහ්‍යොන් එක්ක ඉන්නේ ඇලට් එකේ . ඩේගු ගමනෙත් ජංකුක් ටේහ්‍යොන් ට මුල් තැන දීලා ටේහ්‍යොන්ගේ ප්‍රොටෙක්ෂන් එකට වැඩි ඇටෙන්ෂන් එකක් දෙන්න ජංකුක් දැනට මට තීරණය කරලා තිබුනා . ජංකුක් කිම්ට දුන්නු පොරොන්දුව අකුරටම රකින විදිහ කිම් අද තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now