< Do you realy like me ? >

560 122 25
                                    

" ඩාර්ලින් මම ඔයා ගෙන් ප්‍රශ්නයක් අහලත් ඔයා ඒකට කිසිම රිඇක්ට් එකක් නොදී ඉද්දි ඇත්තටම මට තරහ යනවා "

ටේහ්‍යොන් ට තරහ ගියත් ජංකුක් කියලා මොනවා නම් කරන්නද ? ජංකුක් පවා හිටියේ මේ වෙලාවේ කලබලයෙන් . ජංකුක් ටේහ්‍යොන් ට කැමතී ඒත් ජංකුක් බය උනා ඒක ටේහ්‍යොන් ට කියන්න මොකද ටේහ්‍යොන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ජංකුක් හොදාකාරවම දැනන් හිටි නිසා .

ජංකුක් ගේ යාන්තමින් වෙව්ලන තොල් කලබලයෙන් එහෙ මෙහෙ යන ඇස් මේ හැම දෙයකටම ටේහ්‍යොන් ගේ අවදානය යොමු උනා .

" ටේහ්‍යොන් මං - අහ් නැහ් මම එහෙම දෙයක් කලේ නිකන් මම එවෙලේ ඩ්‍රින්ක්ස් අරන් හිටපු නිසා මට මාව පාලනේ කර ගන්න බැරි උනා "

ඇත්ත පේන්න තියෙද්දිත් ජංකුක් ටේහ්‍යොන් ට බොරුවක් කිව්වේ මොන හේතුවක් නිසාද කියලා ජංකුක් ට වත් හිතා ගන්න බැරි උනා . ටේහ්‍යොන් කැමති නැහැ පස්සෙන් එලවන්න එහෙමයි කියලා ටේහ්‍යොන් ජංකුක් කියන හැම දෙයක්ම විශ්වාස කරන්න ගියෙත් නැහැ .

තමන්ගේ අතෙහි තිබුනු බිස්කට් ටින් එක පැන්ට්‍රි එක උඩින් තියපු ටේහ්‍යොන් තමන්ගේ අත් හරහට බැද ගන්න ගමන් ජංකුක් දිහා තමන්ගේ ඇස් හීනි කර සීතල බැල්මක් හෙලුවා .

" ඔයා මට බොරු කියනවද ඩාර්ලින් ? "

" නැහැ මම බොරු කිව්වේ නැහැ "

" මොකද නැත්තේ ඇත්තටම ඔයා බොරු කියද්දි පට්ට නේවර්ස් ඩාර්ලින් "

ජංකුක් ගේ කම්මුල් තද කරලා අල්ල ගත්තු ටේහ්‍යොන් ජංකුක් ගේ මුහුණ තමන්ගේ දිහාවට හරව ගත්තා . ජංකුක් ගේ ඇස් ඒවා ගොඩක් කලබලයි ඊටත් වඩා ජංකුක් අසාමාන්‍ය විදිහට හයියෙන් හුස්ම ගන්න ගත්තා . ටේහ්‍යොන් ට ඕනේ උනේ නැහැ ජංකුක් ව බය කරන්න ඒත් ජංකුක් නම් දැන් හිටියේ ඕනවටත් වඩා බය වෙලා .

ටේහ්‍යොන් ටිකෙන් ටික ජංකුක් ගේ මුහුණට නැඹුරු වෙද්දි ටේහ්‍යොන් ගේ උණුසුම් සුසුමන් ජංකුක් ගේ මුහුණ සිප ගත්තා . ජංකුක් ගේ ඇස් නිරායාසයෙන්ම පිය වෙද්දි ටේහ්‍යොන් ගේ තොල් අතර ඉබේටම හිනාවක් මැවුනා . ටේහ්‍යොන් නොදැනුවත්වම හෝ කරන්නේ ජංකුක් ව පෙළඹවීමක් . ටේහ්‍යොන් ගේ එක් ස්පර්ශයකට පුලුවන් උනා ජංකුක් ගේ මුලු ආත්මයම දිය කරන්න .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now