< It's not your fault >

329 83 64
                                    

ජැක්සන්ගේ කාර් එක තවත් එක් මොහොතක් වත් ප්‍රමාද නොවී ඉදිරියට ඇදෙද්දි ජංකුක් ඇක්ස්ලේටර් එක පාගලා ඉදිරියට ඇදුනා . ජැක්සන් දැනට මත් ජංකුක් ට වඩා ඉදිරියෙන් ඉද්දි ජංකුක් ඩ්‍රයිව් කරන වේගය වැඩි කලා . රේස් එක ස්ටාර්ට් කරන්න කලින්ම රේසින් ට්‍රැක් එකෙන් කාර්ස් වල සද්දේ මුලු පැතිකඩ පුරාම විහිදුනු නිසා හැම කෙනෙක්ම රේසින් ට්‍රැක් එකට එක් රැස් උනා .

රොනී එක්කලා මීටින් එකේ හිටපු ටේහ්‍යොනුත් ඉක්මනින් දුවන් එද්දි ඒ වෙන කොටත් වෙන්න ඕනේ දේ සිද්ද වෙලා තිබුනා . ජිමිනුත් ස්ටෙෆනිත් ටේහ්‍යොන් ගේ උරහිසින් තමන්ගේ අත් රදවා ගෙන ජංකුක් ඩ්‍රයිව් කරන දිහා බලන් හිටියා . ගොඩක් අය ජැක්සන්ට චීර් කරද්දි සමහරක් අය ජංකුක් ට චීර් කරන්න ගත්තා . ටේහ්‍යොන් ට නම් දැන් ඕනේ ජංකුක්ව කොහොම හරි තමන් ගාවට ගන්න විතරයි .

තමන් රේස් එකෙන් පරාද උනත් ජංකුක් ට කිසිම ප්‍රශ්නයක් ඇති වෙනවට ටේහ්‍යොන් අකමැති උනා . එහෙත් පටන් ගත්තු රේස් එකක් ආයේ මොනම හේතුවකටවත් මගදි නතර කරන්නේ නැති නිසා රේස් එක අවසන් වෙන කල්ම ටේහ්‍යොන් ට බලන් ඉන්න සිද්ද උනා . ඉස්සරහින් තියෙන ලොකුම ලොකු වංගුව දකිද්දි ජංකුක් ඇක්ස්ලේටර් එක පාගලා තමන් යන වේගය වැඩි කලා .

ජංකුක් ට මතකයි තමන් ටේහ්‍යොන් එක්ක ඩේගු ගිය වෙලාවෙදි නොදන්නා පිරිසක් ටේහ්‍යොන් වත් තමන්වත් ෆලෝව් කරන්න ආ වෙලාවේ ටේහ්‍යොන් කාර් එක ඩ්‍රයිව් කරපු විදිහ . එදත් මේ වගේම වංගුවක් ටේහ්‍යොන් ගානට කපපු විදිහ ජංකුක් මතක් කර ගත්තා . ස්ටෙයාරින් වීල් එක තද කරලා අල්ල ගෙන වේගයෙන් ඒ දිහාවට ඇදුනු ජංකුක් වංගුව ලගටම එද්දි බ්‍රේක් එක පාගලා ස්ටෙයාරින් වීල් එක වමට හැරෙව්වා .

ජංකුක් සාර්ථක ලෙස එක වංගුවක් හරවද්දි ජැක්සන්ගේ ඇස් පවා පුදුමයෙන් ලොකු උනා . ටේහ්‍යොන් රේසින් ට්‍රැක් එකට තවත් ලං වෙද්දි ජංකුක්ගේ ඇස් ටේහ්‍යොන් ගේ ඇස් එක්කලා ගැටුනා . ඒත් ටේහ්‍යොන් දිහා තමන්ට බලන් ඉන්න තරම් මේ වෙලාව සුදුසු නැති නිසා ජංකුක් තමන්ගේ ඇස් ටේහ්‍යොන් ගෙන් අහකට අර ගත්තා . කෙමෙන් කෙමෙන් ජංකුක් ජැක්සන් ගාවටම ලං වෙද්දි සයිඩ් මිරර් එකෙන් ජංකුක්ව දැකපු ජැක්සන් තරමක් කලබල උනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now