< Will not leave you >

501 118 48
                                    

කලින් දවසේ ජංකුක් ට සිහිය ආපු නිසා ජංකුක් ට ආයෙම බැන්ග්ලෝ එකට එන්න පුලුවන් උනා . ඒ වගේ ඩොක්ටර් ජංකුක් ට රෙස්ට් එකේම ඉන්න කියලා කියපු හන්දම බැන්ග්ලෝ එකට ගිය වෙලාවේ ඉදන් ටේහ්‍යොන් ජංකුක්ට ජංකුක් ගේ ඇදෙන් බහින්න වත් ඉඩ දුන්නේ නැහැ .

ජංකුක් ට තාමත් තමන්ගේ වැඩ තනියම කර ගන්න බැරි නිසාම ටේහ්‍යොන් ජංකුක් ගේ උදව්වට සර්වන්ට්ලා දෙන්නෙක්ව යොවදලා තිබුනා .ටේහ්‍යොන් කරපු දේට කිම් ගෙන් උනත් කිසිදු අකමැත්තක් තිබුනේ නැහැ . උදේම ජංකුක් ගේ කාමරේට ආපු සර්වන්ට් කෙනෙක් ජංකුක් ගේ මුලු කාමරේම ක්ලීන් කලා .

ජංකුක් ට තමන්ගේ උරහිස නිසා තනියම වොශ් දාන්න බැරි හන්දාම ආපු සර්වන්ට් ජංකුක් ට වොශ් එකක් දා ගන්නත් හෙල්ප් කලා . ඇදුමත් හරි අමාරුවෙන්ම ඇද ගත්තු ජංකුක් ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු උනේ තමන්ට රෙස්ට් එකේ ඉන්න කියලා තිබුනු නිසාමයි .

ටිකක් වෙලා ගත වෙද්දි සර්වන්ට් කෙනෙක් වීල් ටේබල් එකට තියලා ජංකුක්ට බ්‍රෙක්ෆස්ට් එක ගෙනල්ලා දීලා ගියා . ඇද ගාවම වීල් ටේබල් එක තිබුනු නිසා ජංකුක් හිමින් සැරේ හෙඩ්බෝඩ් එකෙන් එහාට වෙලා වීල් ටේබල් එක දිහාවට ලං උනා . ටේබල් එකේ බීෆ් සුප් එකක් එකක් වගේම බිබිම්බප් ප්ලේට් එකකුත් තිබුනා .

චොප්ස්ටික් දෙක අතට ගත්තු ජංකුක් බිබිම්බප් කෑල්ලක් චොප්ස්ටික් දෙකෙන් අල්ල ගෙන කන්න ට්‍රයි කලා . මගක් දුරට බබිම්බප් කෑල්ල කන්න අත උස්සන කොට උරහිසින් දැනුනු වේදනාව නිසා අතේ තිබුනු බිබිම්බප් කෑල්ල ප්ලේට් එකට වැටෙද්දි ජංකුක්ගේ ඇගිලි අතර තිබුනු චොප්ස්ටික් දෙකත් බිමට වැටුනා .

මෙච්චර වෙලාවක් ජංකුක් ගේ කාමරේ ඩෝර් එක ගාවට වෙලා ජංකුක් දිහා බලා ගෙන හිටපු ටේහ්‍යොන් ජංකුක් ගේ කාමරේ ඇතුලට ඇතුලු උනේ ජංකුක් ට තනියම කන්න හැබැයි කියලා හිතුනු නිසා . බිම වැටිලා තිබුනු චොප්ස්ටික් දෙක ඇහිදපු ටේහ්‍යොන් ඒක වීල් ටේබල් එක උඩින් තිබ්බා .

නොහිතපු විදිහට ටේහ්‍යොන් තමන්ගේ කාමරේට ආපු නිසාම ජංකුක් එක දිගටම ටේහ්‍යොන් දිහා බලන් හිටියා . ටේහ්‍යොන් ජංකුක් වාඩි වෙලා ඉන්න තැනින්ම වාඩි වෙද්දි ජංකුක් ගේ ඇස් තවමත් ටේහ්‍යොන් ගාවින්ම නතර වෙලා තිබුනා . වීල් ටේබල් එක උඩ තියෙන බ්‍රෙක්ෆස්ට් එක දිහා බලපු ටේහ්‍යොන් ජංකුක් දිහා බැලුවේ තාම ජංකුක් කිසිම දෙයක් කාලා නොතිබුනු නිසා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now