පහලොස්වන කෝලහාලය

1.3K 205 78
                                    

සහස්න POV

ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්. එයා කරන්නේ අපි තුන්හිතකවත් හිතපු නැති දේවල්. එක දවසකින් මගේ ජීවිතේම මහ නරක විදිහට වෙනස් කරපු මනුස්සයා වෙනුවෙන් මන් බලන් ඉන්න අරන්. වෙලාවකට මගේ ජීවිතේම එපා කරපු මනුස්සයගේ වචනයක් වෙනුවෙන් බලන් ඉන්න අරන්. කොටින්ම කිව්වොත් සාම්ප්‍රදායික ගෑනියෙක් වගේ තමන්ගේ මනුස්සයගේ හැම වැරැද්දකට සමාව දීලා මගේ අතින් වැරැද්දක් වුනා වගේ මන් ඇසිරෙන්න අරන්.

අදත් එයා වචනයක්වත් නොකියම යන්න ගියා . වෙනදට කොච්චර කෝන්තර තිබුනත් බීලා යන කිරි එකත් අද නොබීම ගිහින්. ඒ නිසාමද කොහෙද අද දවසම මූසල විදිහට ගෙවිලා ගියේ. උදේම අම්මට උදව් කරලා ගේ ටිකක් අස් පස් කරද්දී ලොකු මැනිකේ ඇවිත් කෑ ගහගෙන කෑගහගෙන ගියා. මුනුබුරාගේ සෙතේම කියෝ ගත්තු ගමන් ඒ ගෑනි ඉන්නේ. මහන්සි වෙලා ගෙදර ආවම සවීන්ද්‍රටත් මොකක් හරි කියලා අවුලවන්න හදනවා ගෑනි. ඒත් ඉතින් දැන් සවීන්ද්‍ර මට අත තියෙන්නෙවත් නෑනේ. අත තියා වචනයක් කතා කරන්නෙවත් නෑනේ. ලොකු හාමිනේගේ බොරු කේලම් ඇහුවට පස්සේ එයා කරන්නේ කාමරේ තියෙන බඩු වලින් පලි ගන්න එක. ඊයේ රෑත් අර ලොකු ෆෝන් එක පොලොවේ ගැහුවා කෑලි වෙන්නම. උදේ කිරි එක ඉතුරු කරලා යන්න ඇත්තෙත් ඒකමයි. වෙලාවට හැබැයි මේ වෙලාවටනම් මාත් එක්ක කතා නොකර ඉන්නේ. නැත්තම් ඔය තරහා යන්නේ මගේ පිටින්නේ.

මහ නැන්දම්මගේ දේශනෙත් අහගෙන අම්මගෙන් පුතාවත් අරගෙන ඊට පස්සේ මන් කෙලින්ම ගියේ අපේ කාමරේට . ඊට පස්සේ ඉතින් පැය දෙකක් විතර එයාට නින්ද යනකම්ම සතුටින් ගෙව්වා. පුතා එක්ක ගෙවන වෙලාව තමා මන් ආසම වෙලාව. කොල්ලත් මට හරි ආදරෙයි. ආච්චිඅම්මා ගාව ඉන්න ආසම නෑ. ඒත් ඉතින් සවීන්ද්‍ර ඉන්න වෙලාවට එයාව තියාගන්න බෑනේ. ඒ මනුස්සයා ලමයා අඩනවට කැමති නෑනේ.  ඒත් ඉතින් දැන් අපි තරහයිනේ. අද බබාව උවමනාවෙන්ම මන් තියාගත්තේ ඒකමයි.

දැන් මන් උවමනාවෙන්ම වැරදි කරන්න අරන් , එයාගෙන් බැනුම් අහලා හරි වචනයක් අහන්න පුලුවන්නේ එතකොට. අනේ මට ඕනි නෑ ඒ නාකි හිතක් පපුවක් නැති මිනිහට ආදරේ කරන්න. ඒත් මගේ හදවත මට ඕනේ විදිහට වැඩ කරන්නේ නෑනේ දෙයියනේ.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now