දහහතරවන කෝලහාලය

1.5K 203 24
                                    

"අද කිරි ඕනි නෑ. එනවා ඇදට "

"හාමු??"

"වරෙන් යකො ! මව ඔතනට ගෙන්න ගන්නේ නැතුව "

"හාමු මන් නාලා ආවා විතරයි "

"ඉතින් . උබව වඩම්මවගෙන එන්න ඕනිද මම "

"මට බෑ මේ වදේ කරන්න හැමදාම "

සහස්නගේ වදන් නිසා කෝප ගැන්වුන සවීන්ද්‍ර ආවේ අදත් සහස්නට අතපය උස්සලා එයාව බය කරගන්න. ඒත් ඊට ඉක්මන් උන සහස්න ඉක්මනට නානකාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තා.

"මගේ යකා අවුස්ස ගන්නේ නැතුව මේ දොර ඇරපන් යුවෙන්. මන් මේක ඇරගත්තොත් උබට වෙන දේ හිතාගන්න බැරිවෙයි. "

සවීන්ද්‍ර එලියේ ඉදන් පලවෙනි අනතුරු ඇගවීම කලත් සහස්න නෙවේ දොර ඇරියේ. ඒ හඩේ සද්දෙට සහස්න තවත් බය වුනා. එයාට හිතාගන්න බැරි වුනා මොකක්ද එයා කරන්න ඕනි කියලා.

" හරි උබට දොර අරින්න බෑනේ. හිටපන් මන් අරින හැටි පෙන්වන්න "

සවීන්ද්‍ර කෑගහන ගමන් දොරට පයින් ගහන්න ගත්තා. සහස්න හොදටම දන්නවා මේ වගේ වෙලාවට සවීන්ද්‍ර හාමුගේ කේන්තිය පිට කරන විදිහ. සවීන්ද්‍ර හැම තිස්සෙම සහස්නට පෙන්වන්නේ ඇගේ පතේ හයිය. කොච්චර කොහොම හොදට වැඩ කලත් පොඩි හරි වැරැද්දක් හොයාගෙන සහස්නට බනින්න ගහන්න තමා සවීන්ද්‍ර දන්නෙ. ඒ නිසාම වෙන්න ඇති සහස්නට මේ නීතියක් නැති දීගේ සතියෙන්ම එපා වෙන්න ඇත්තේ.

ඇත්තටම ඇයි මන් මේ මනුස්සයගෙන් මෙහෙම ගුටිකාගෙන බලාගෙන ඉන්න ඕනි. සවීන්ද්‍ර සහස්නට අත උස්සන හැම පාරකම සහස්නත් සවීන්ද්‍රට අත ඉස්සුවා. සහස්න කියන්නේ කොල්ලෙක්. මොන කොල්ලද තමට ගහද්දී බකන් නිලාගෙන ඉන්නේ. හැබැයි ඒකෙන් වුනේ ඒ දෙන්නා අතර තියෙන බැදීම තවත් දුරස් වෙලා සහස්න නොසෑහෙන්න ගුටිකාපු එක. සවීන්ද්‍ර එක්ක සෙල්ලම් දාන එක සහස්නට ලේසි නෑ. සහස්න ඉදිකට්ටක්නම් සවීන්ද්‍ර මෝල්ගහක් වගේ. ඉදිකට්ටක් කොහොමද මෝල්ගහකට අබියෝග කරන්නේ.

ජීවිතේ ගත්තු මෝඩම තීරනේ ගන්න සහස්න අද එඩිතර වුනා. අඩුම රාගය නිසාවත් නොනිවෙන සවීන්ද්‍රගේ තරහා සහස්නගේ මොලයටත් බලපෑම් කරන්න අරන්. ඉතින් අවුරුදු විසක් වුන තරුන කොල්ලෙක් කොහොමද ඒ තරම් ඉවසන්නේ.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now