හත්වන කෝලහාලය

1.3K 197 18
                                    

සහස්න POV

මට හිතාගන්න බැරි වුනා මොකක්ද වුනේ කියලා. වතුරට වැටිලා ඇස් පියවෙලා හැමදේම අතෑරපු මම ආයි ඇස් දෙක ඇරියේ ගෙදරට යන ගුරුපාර මැද බීපු මිනිහා වගේ වැටිලා ඉදලා. ඇත්තටම මොකක්ද වුනේ. මගේ ඇදුම් පවා තමා තෙතයි. ඒ මදිවට වැලිත් නෑවිලා ඇදුම් වලයි ඇගෙයි හැමතැනම. බැරිවෙලා කවුරුහරි මන් ඇලේ වැටිලා ඉන්නවා දැකලා ගෙදරට ගෙනල්ලා ඇරලුවද. ඒත් කවුද මෙහෙම පාරේ අතඇරලා යන්නේ.

වැලිටික යන්තමට පිහිදාගත්තු මම ගෙදර යන්තමට වහන්න ලී එකතු කරලා හදපු දොර පැත්තකට කරලා මගේ ඇදුම් දාලා තිබුන පෙට්ටියෙන් ටීෂර්ට් එකකුයි කොට කලිසමකුයි අරගෙන තේක්ක ගහලග ෂවර් එකට ගියා.

එහෙම්ම ඇදුම් ටික ගලෝලා දාලා වැලි ටික යන්න නාගෙන වැලේ වනලා තිබ්බ සාලුව අරන් ඇගපිහිදාගත්තේ උපන් ඇදුම පිටින්මයි. අපේ දිහා ඉතින් බේතකටවත් කෙල්ලෙක් නෑනේ . ඒක නිසා එක එකාට නූල් බදින්න වෙයි කියලා බයවෙන්න දෙයක් නෑ.
කොල්ලොනේ ගමේනේ ...

ඊයේ රෑ හෝදලා දාපු තාම හරියට වේලිලා නැති ජොකත් ඇදෙගන අමතක වුන ඇදගෙන හිටිය ජොකත් ආයි හෝදලා වැලට දාපු මම ටීෂර්ට් එකයි ශෝටයි ගහගෙන කොන්ඩෙත් චුට්ටක් හදාගත්තේ  පෙනුමට යන්න ඕනේ නිසා.

මොන දේ නැති වුනත් වාසනාවට වගේ දෙවියෝ දීපූ රූපේ නිසා ගෑනුලමයින්ගෙන් ලොකූ ආකර්ෂණයක් මට තිබ්බා. ඉස්සර නම් හිතාගෙන හිටියේ ලස්සනට ඉන්න නිසා සල්ලිකාර කෙල්ලෙක් බැදලා සැපේ ජීවත් වෙන්න. පස්සේ ආදරේ කියලා මගුලක් ඔලුවට ගැහුවනේ. එක අතකට ඉතින් සල්ලි කන්න ඈ. ආදරේ තිබ්බොත් ජීවත් වෙන්න හරි පුලුවන්නේ. එහෙම හිතලා තමා මන් සහේලි නංගි එක්ක යාලු වුනේ. ඒත් ඉතින් ඒ යාලු වුන දවසේ ඉදන් හම්බුවෙන් හැම පාරකම ආදරේ තිබ්බා කියලා ජීවත්වෙන්න බැරි වුනා. අදත් යද්දී මොනවා හරි අරන් යන්න ඕනි. ආදරේ කන්න බෑනේ. ගස් ගෙඩියක්වත් කඩන් යනවා. සල්ලි කීයක්වත් අතේ නෑනේ මේ දවස් වල.

එකහාමාරට යන්න හිටපු ගමන අන්තිමට තුන විතර වෙද්දී මට යන්න පුලුවන් වෙද්දී ස්කෝලෙට යන්න කලින්ම මට නංගිව හම්බුනේ ඒකි ගෙදර එනගමන් හිටිය නිසා. මෙච්චර වෙලා මේකී මන් එනකම් බලන් හිටියද. පව් යකෝ.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now