දහවන කෝලහාලය

1.2K 188 19
                                    

සවීන්ද්‍ර ගිය හැටියේ සහස්න ලග හිටිය දරුවා අඩන්න ගත්තා. හරියට මොකකට හරි බයවෙලාවගේ සහස්න දිහා බලාගෙන අඩන පොඩි එකාව නලවගන්නේ කොහොමද කියලා සහස්නට ඇත්තටම තේරුනේ නෑ. දරුවෙක්ව වඩා ගන්නවත් හරියට දන්නේ නැති සහස්න කොහොමද දරුවෙක් නලව ගන්නේ.

සහස්න එයාගේ උකුල උඩ ඉන්න පොඩි එකාව හොලව හොලව නලවන්න හැදුවත් පොඩි දරුවා නෙවේ අඩන එක නැවැත්තුවේ. එයා හුස්මත් අල්ලගෙන එක දිගට කෑ ගහලා අඩන්න ගත්තා. චූටි පැටියෙක් නිසා කෑ ගහලා අඩද්දී හුස්ම ගන්න එක එයාට අමතක වෙනවා. මේ නිසා සහස්න තවත් බය වුනා. එයා කීපාරක් සවීන්ද්‍රට කතා කලාද කියලවත් අමතක වෙන තරමට සහස්න එයාගේ හාමුට කතා කලා . ඒත් සවීන්ද්‍ර නෙවේ කාමරේට ආවේ.

බැරිම තැන සහස්න අමාරුවෙන් දරුවව අත් අතරට ගත්තා. පලවෙනි පාර සස්නට අමතක වුනා දරුවගේ ඔලුවට අතක් තියාගන්න. ඒත් දරුවට කිසි කරදරයක් වෙන්න කලින් සහස්න හරි විදිහට බබාව අල්ලගෙන ඇදෙන් නැගිට්ටා. ඒත් නෙවේ එයා අඩන එක නැවතුනේ. ඉතින් සහස්න පුංචි හාමුව වඩාගෙන කාමරේ එහාට මෙහාට ඇවිද්දා. ඒත් ඇඩිල්ලනම් ඒ විදිහමයි.

කොහොමද මේ පොඩි එකාගේ ඇඩිල්ල නවත්වන්නෙ. ඇත්තටම සහස්න ඒක දැනන් හිටියේ නෑ. සවීන්ද්‍රත් කාමරේ නෑ. බැරිම තැන අයියලගෙන් ගුටි කෑවත් කමක් නෑ කියලා සහස්න කාමරේ දොර ඇරගෙන එලියට ආවා. එලියට ඇවිත් තප්පර දහයක් යන්නත් කලින් දරුවා අඩන එක නැවතුනා. ඒ ඇඩිල්ල නතර වුනාම සහස්නට දැනුනේ කියාගන්න බැරි තරම් නිදහස් බවක්. එයා චුට්ටක් බබාව එහාට මෙහාට ඇවිද්දෝලා තවත් බබාව සන්සුන් කලා. බලද්දී විනාඩි පහක් විතර යද්දී බබාට සහස්නගේ අත් උඩම නින්ද ගිහිල්ලා.

"අනේ අනේ චන්ඩි බට්ටා. මූන වගේ නෙවේ කටනම් . අප්පච්චි වගේමයි. දැන් නිදන් ඉන්න ලස්සන "

පරිස්සමට දරුවව හරහට වඩාගත්තු සහස්න ආයි කාමරේට ගිහින් ඇදේ හරි මැදින් එයාව නිදි කෙරෙව්වා. නිදිකරෝලා කොට්ට දෙකකුත් දෙපැත්තෙන් තියලා එයත් ඒ ලගින්ම වාඩි වෙලා චූටි පැටියා දිහා බලන් හිටියා.

කලින් නොකිව්වට චූටි පැටියට තිබ්බෙත් සවීන්ද්‍රගේ මූනමයි කියලා දැන් නිකමට වගේ සහස්නට හිතුනා. නපුරු නොවී මේ මේ විදිහට හුරතල් වුනානම් සවීද්‍රත් තනිකර මේ වගේමයි. එක පාරට චූටි බබා වෙනුවට එතන නිදාගෙන ඉන්න සවීන්ද්‍රව සහස්නට මැවිලා පෙවුනා. හැබැයි එයාට තිබ්බෙනම් චූටි බබාගේ ඇගමයි. ඇත්තටම සවීන්ද්‍ර හාමු එහෙම හිටියනම් කියලා මතක් වුන සහස්නට ලා හිනාවක් ගියා.

වීරසුන්දර වලව්ව | YIZHAN | Completed Where stories live. Discover now