සහස්නව නැවත කාමරේට යවපු සවීන්ද්‍ර හාමු එලියට වෙලා ඉන්න සහස්නගේ සහෝදරයෝ ලගට ගියා. සහස්නගේ සහෝදරයෝ තුන්දෙනාටම වඩා වයසින් සවීන්ද්‍ර හාමු වැඩි වුනත් පෙනුමෙන් නම් සහස්නගේ සහෝදරෝ වයසයි වගේ පෙනුනා. අව්ව වැස්ස දුක් කරදර එක්ක හැප්පුන නිසා වෙන්න ඇති වයසටත් වඩා වැඩි වයසක් ඒ අයට පෙනුනා. සවීන්ද්‍ර එයාලව දැක්කේ සහස්නගේ තාත්තලා තුන්දෙනා ඇවිත් වගේ. ඒ තරමට ඒ තරුන මූනු වයසට ගිහින් තිබ්බා.
"දැන් මොකෝ උබලා මේ කා කොටාගන්නේ "
පෙනුමට වඩා ගැබුරු කටහඩකින් සවීන්ද්‍ර හාමු අහද්දී අයියලා තුන් දෙනාම මොකුත් නොකියා දත් කූරු හපා ගත්තා. තමන්ගේ චූටි මල්ලී එයාලවත් නොකරපු නරක වැඩක් කලා කිව්වාම එයාලට තරහ යන එක සාදාරනයිනේ. එහෙම තමා සවීන්ද්‍රට හිතුනේ. ඒත් එහෙම තරහා ගන්න තරම් දෙයක් ඇත්තටම ඒ පොඩි කොල්ලා කලේ නෑ කියලා දන්න එකම කෙනත් සවීන්ද්‍ර විතරමයි. ඒක එයාට එයාගේ වාසියට පාවිච්චි කරන්න පුලුවන්. මේ ගමේ සවීන්ද්‍රට උඩින් යන්නවත් එයා කරන දේකට එපා කියන්නවත් කවුරුත් නෑ. ඒත් මෙතනදී ඒ වාසිය විතරක් සවීන්ද්‍රට මදි වුනා. එදා සුනන්දගේ ඇද උඩ දැකපු ඒ ලස්සන කොල්ලව තමන්ගේ කරගන්න ඕනි කියලා දැනුන රාගී සිතුවිල්ල නිසා ඕනි දෙයක් කරන්න මේ වෙනකොටත් සවීන්ද්‍ර ලෑස්ති වෙලා හිටියා. ඒත් ඇත්තටම ඒක රාගී සිතුවිල්ලක්ද? සවීන්ද්‍ර එදා සහස්නගෙන් දැක්කේ එයාගේ පලවෙනි ආදරේ සුනන්දව. එයාට දෙයක් ඕනි වුනොත් එයා ඒක කොහොම හරි ලබා ගන්නවා. ඒත් මෙතනදී ඒ නියාය වෙනස්.
මෙයා කොල්ලෙක්. කෙල්ලෙක් නෙවේ. කෙල්ලෙක් වුනානම් සවීන්ද්‍ර එක්ක එක දවසක් හිටපු ගමන් ඒ කෙල්ලගේ අයිතිය එයාටම ලියාගන්න තිබුනා. ඒත් මේ කොල්ලෙක්. මිනිහෙක් එක්ක එක පාරක් නෙවේ සියවතාවක් හිටියත් කිසිම විදිහකින් අපිරිසිදු නොවෙන. අපිරිසිදු වුනත් කවුරුත් ගනන් නොගන්න. ඒ වගේම මේ කොල්ලට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. අයියලා තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් කොහොමද ලේසියෙන් සවීන්ද්‍ර එයාව අල්ලගන්නේ. ඒ නිසාමයි හරිම වෙලාව බලලා සවීන්ද්‍ර එයාගේ සැලැස්ම ක්‍රියාත්මක කලේ.