< Prologue >

1.7K 162 65
                                    


කොරියාවේ පහල වුනු මාෆියා නායකයන් අතරින් කිම් වැංජූ අදටත් නීතියේ දැහැනට හසු කර ගත නොහැකි සූක්ෂම අපරාදකාරයෙක් වුනා . ඔහුගේ සියලුම අපරාද මිනී මැරීම් වලට පමණක් සීමා වුනු නිසා ආරක්ෂක අංශ මෙන්ම බුද්දි අංශයෙත් අවදානය ඔහුට යොමු උනා . එහෙත් කවදාකවත් ඔහුව නීතියට කොටු කර ගන්න නොහැකි වුනා .

ඇතැම් නිලධාරීන් කිම්ට දැක්වූ බිය නිසාම කේස් ක්ලෝස් කරන්න තරම් පසු බට වුනා . පරිසමාර්ත අර්ථයෙන්ම කියහොත් කිම් හොද මාෆියාකාරයෙක් . මුලු කොරියාවටම කිම් අපරාදකරුවෙක් වුනත් ඔහුගේ පැත්තෙන් බැලුවොත් ඔහු හොද අප්පා කෙනෙක් . නීතියේ විතරක් නෙමේ දරුණු මාෆියා කල්ලි වල පවා ඉලක්කය වුනේ කිම්ව එහෙත් තවම කාටවත් ඔහුට ලං වෙන්න කියලා හිතන්න වත් බැරි වුනා .

මොකද ඒ තරමටම කිම්ගේ කල්ලිය ප්‍රබලයි . කිම් ගේ අතින් මැරුන් කෑ සෑම අයෙක් පාසම මාෆියාකාරයෙක් හෝ ඔවුන්ට සම්බන්ද අයෙක් වුනා . ඉතිම් මුලු මාෆියා ලෝකය පුරාවටම කිම් ගේ නම දෝංකාර දෙන්න උනා . කිම්ට ලං වෙන්න බැරි නිසාම ඇතැම් මාෆියා කල්ලි එකට එකතු වී කිම් ඇතුලු ඔහුගේ කල්ලිය සමූල ඝාතනය කරන්නට තැත් කලත් ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වුනා .

ඊලග පියවර විදිහට හැම කෙනෙක්ගෙම ඉලක්කය වුනේ කිම් ගේ මුලු ලෝකයම උනු තමන්ගේ එකම පුතා කිම් ටේහ්‍යොන් ව . මීට සති දෙකකට උඩදි මාෆියා කල්ලි දෙකක් ටේහ්‍යොන් ට ඇටෑක් කරනවා . එතනින් ටේහ්‍යොන් ට බේරිලා තමන්ගේ ජීවිතය රැක ගන්න පුලුවන් උනත් ටේහ්‍යොන් ඒ සිද්ද වුනු කිසිම දෙයක් කිම්ට කියන්න ගියේ නැහැ .

මොකද ටේහ්‍යොන් ට ඕනේ උනේ නැහැ තමගේ අප්පා තමන් නිසා අතට තුවක්කුවක් අර ගෙන ලේ තවර ගන්නවා දකින්න . තමන් බොඩිගාඩ් කෙනෙක් වත් තියා ගන්න අකමැති වුනු නිසාම ටේහ්‍යොන් හැම තැනම ගියේ තනියම එහෙත් එක් දවසක් ටේහ්‍යොන් කිම් සමග තනියම යමින් සිටියදී ඔවුන් ගමන් කෙරූ ඩිෆෙන්ඩර් රථයට ආයෙත් වතාවක් පහර දුන්නා .

එහෙත් එතන හිටපු හැම කෙනෙක්ම වගේ වගේ ඇටෑක් කලේ කිම්ට නෙමේ ටේහ්‍යොන් ට විතරයි . මොකද කිම්ට රිද්දන්න වගේම කිම්ව කොටු කර ගන්නත් තියෙන එකම හොදම විදිහ තමයි ටේහ්‍යොන් කියන්නේ . ටේහ්‍යොන් ට රිදෙන වාරයක් පාසා කිම්ට ඊටත් වඩා රිදෙනවා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 Where stories live. Discover now