1 1 1

382 82 123
                                    

සුදු ශර්ට් එකකට කලු පාට ජුකී කලිසමත් දාගෙන අතේ ටැබ් එකකුත් අල්ලන් ඉදපු ජානක සිය වෙනි වතාවටත් සාක්කුවේ හතරට පහට නවලා තිබුනු ලේන්සුව අරගෙන නළලේ වැක්කෙරෙන දාඩිය බිංඳු පිහි දැම්මා.. වටිනාකමින් වැඩි ඒ පෙට්ටිය ඇතුලේ ඇමති වීරවංශ උන්නේ තද නින්දක.. එයාගෙම තණ්හාව ඊරිසියාව පළිගැනීම යන දේවල් නිසා අහිමි කරගත්ත අළු ඇස් තිබුනු එයාගේ පුංචි මැණික.. කාමරේ ඇතුලේ කොට්ටයක් තුරුලු කරගෙන කඳුලු වපුරනවා..


" ජානක මහත්තයා.. අපේ ලොකු හාමුදුරුවෝ පාංශුකූලෙට වඩිනවා කියුවා.. "

සුදු සරමක් ඇදන් ඉදපු ටිකක් කැහැටු ගැහුනු මනුස්සයෙක් ජානකව හොයාගෙන ආවා..

" ඒක හොඳයි.. ධීරේ කුස්සියේ අඩුපාඩු තියෙනම් කියන්න "

" අජන්ත කියුවා තව පොල් ගෙඩි පනහක්වත් ඕන කියලා.. හෙට උදේට උයන්නත් ඕනනේ මහත්තයා.. දෙයියෙක් මෙහෙම කරගත්ත එකනේ අපරාදේ... ජානක මහත්තයා.. සෙනඟ සූ ගාලා ඇදෙනවා..  "

" වෙලාව තමයි ධීරේ.. නෙස්කැෆේ කප් පැක් හතරක් වැඩිපුර ගේන්න පිටිත් එක්කම.. "

ධීරේ ජානක දීපු සල්ලිත් අරන් එතනින් ගියේ සාලේ නිදාගෙන ඉදපු වීරවංශ දිහා අනුකම්පාවෙන් බලන ගමන්...

" ජානක මහත්තයා...!! චඃ බේබිගෙ යාලුවෝ බොඩිය පක්ශ කාර්‍යාලෙට ගෙනියන්න දෙන්න බැහැයි කියනොනේ.."

ජානක වගේම උඩට තනි සුදු ශර්ට් එක ඇදන් ඉදපු ඇමතිගෙ තවත් ගෝලයෙක් දුවන් ඈවිත් ජානකට කියද්දි ජානක හැරුනේ එළියට යන්න..  ගෙදර එහා පැත්තට වෙන්න තිබ්බ ගරාජ් එක ළග මේ වෙද්දිත් විශාල ගාල ගෝට්ටියක්..

" යකෝ මුන් බලු මැක්කො වගේනේ බූල්..

ආයෙත් කියන්නෑ උට්ට..!!

ඕන්නම් අර ඇමතිගේ කොට්ඨාසේ හදපු මොකක්ද බිල්ඩිමට අරන් පලයන්.. ප්‍රජා ශාලාවට..!! වෙන කොහේවත් ගෙනියන්නෑ.. මුන් මේ උට්ටක් කියනවනේ රෙද්ද.. සිංහල තේරෙන්නැති පග්ගු..!! "

බූල් මිනා ළග  අත් දෙක බැඳගෙන ඉද්දි මිනා ඇඟිල්ල දිග් කර කර ඇමති ගෝලයෝ තුන් දෙනෙක්ගේ පලු අරිනවා..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now