1 0 9

325 86 118
                                    

" ඩඩා....!! අග්..

" දේව්ගේ ග්‍රැනී කියුවා පව් කරපු අයට ඒවා විදින්න වෙනවා Noway they cant skip karma.. She is absolutely correct.. "

" උබ ඔය තරමට පූගේ ආච්චි අම්මා එක්ක ෆිට් උනා ද..? "

".. ම්ම්.. මන් ආට්ස් වල විතරයි එහෙම අය දැක්කේ ඔෂධ...However ඕපන්ලි ග්‍රැනි එක්ක කතා කරන්න පුලුවන්.. අග්.. ග්-ගොඩක් දේවල්..ම්..මීට කලින් එයාව මීට් උනානම්.. "


ජානක ඇමති මන්දිරේ පුරාම දුව දුව අඩුපාඩු හොයන අතරේ සුදු පාට ජාතික ඇඳුමක් ඇදලා හිනා වෙවී ඉන්න ඇමති වීරවංශගේ විශාල පිංතූරයක් පිරිමි දෙන්නෙක් තකහනියක්ම අරන් ඇවිත් බිත්තිය පුරා ගහලා ඒකට සුදු ඉද්ද මල් පිරුනු මල් මාලාවක් දැම්මා.. වෙනදට වැඩ කරන අය ඇරුනම ඒ ගෙදර උන්නේ ඇමතියි ඇමතිගේ අලුත් බිරිඳයි.. මලිත ඒ ගෙදරින් ඈත් උනත් එයාගේ පුංචි කාලේ ලස්සන මතක කිහිපයක් ඒ මන්දිරේ ඇතුලේ තිබුනා.. 

මලිතගේ ගැස්සෙන උරහිස් මොහොතකට නතර වෙලා ගිහින්.. එයා බෙන්ච් කලර් සෝෆා එක උඩ ගුලි ගැහිලා ඩඩාගේ විශාල පිංතූරේ දිහාම බලන් උන්නේ ඕශි අහන දේවල් වලට ඉකියකින් උත්තර දෙන ගමන්.. මලිතට මීට කලින් හිටියේ හැමවෙලාවෙම තොල් සායම් කරපු වයසක් නොපෙනෙන්න බ්‍රෑන්ඩඩ් ඇදුම් ඇඳපු උල් සපත්තු දාපු ග්‍රැනී කෙනෙක්.. ඒ අතින් දේව්ගේ ග්‍රැනී අහසට පොළව වගේ.. ගම්මානයක් කියුවම එයා ඉස්සර ඉදන්ම දැක්කේ මැටි ගාපු ගෙදරක.. මල් පිරුනු වත්තක.. ලස්සන සරල ගවුමක් ඇදපු වයසක කාන්තාවක් පුංචි අඩි පාරක් දිගේ උව මත කළයක් රඳවගෙන මැටි ගෙදරට එන දසුන්.. ඒ අළු ඇස් වල මැවුන ඒ කාන්තාව ජීවමාන උනේ  සදෙව්ගේ ග්‍රැනී විදියට.. ඉතින් ඒ අළු ඇස් ඕනවටත් වඩා දේව්ගේ අත්තම්මා ළග දොඩමලු උනා..

" ම්ම්.. මලිත අම් සොරි.. අයියට එන්න විදියක් නෑලු.. "

" ම්ම් "

සෝෆා එකේ එහා කොනේ ඉදපු ඕශි හිමින් මිමුනුවේ වරදකාරි හැඟීමකින්.. එයා හොදටම දන්නවා දුල්ශාන්ගෙයි මලිතගෙයි යාලුකම ගැන.. ඒත් මලිත කිසිම හැඟීමක් නැතුව හූමිටි තියද්දි ඕශිට දැනුනේ එයාගේ හොඳම යාලුවව එයාව ඕනම අවස්ථාවේ තනිකලා කියන හැඟීමේ තියෙන ගැඹුර..!

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now