1 0 8

395 92 109
                                    

" අම්මගෙන් මන් අහන්න ද ඕශි ඇයි ඔයා මාව දාලා ගියේ කියලා.?

මාව බලාගනිපු ආච්චි අම්මා කියුවා එදා මාව ලස්සනට නැප්කින් එකකින් ඔතලා තිබුනාලු.. එයාගේ දුප්පත් ඇස් වලට මාව බොඳ වෙලා පෙනුනෙත් රෝස මලක් වගේලු.. But ඕශි.. මගේ අම්මට එහෙම පෙනුනේ නැත්තේ ඇයි..

මන් හැමදාම රෑට හිනෙන් දකිනවා අම්මා මන් ළග හිනා වෙවී ඉන්නවා..එයා මගේ ඔලුව අතගානවා මට ආදරෙයි කියනවා... මන් දන්නෑ මගේ තාත්තා කවුද කියලා. ඒත් අම්මා අනිවාරෙන් ඇලෙක්සැන්ඩර් අන්කල්ට චීට් කරලා තියෙනවා.. මුලින් මන් හිතුවේ මගේ තාත්තා අංකල් කියලා.. ඒත් එයාට මාව එහෙම අතාරින්න හේතුවක් මන් දන්නෑ.. අංකල් අම්මට ලෝයල්.. අම්මා ඇමති ළගට ගියා.. at least හේට් කරන්නවත් මන් මගේ තාත්තව දන්නෑ බන්..

හිතපන් මන් මේ පාර තෝරගත්තේ මගේ අම්මා නිසා.. ආච්චි අම්මායි මායි බඩගින්නට වැඩිපුරම බිව්වේ වතුර.. ආච්චි අම්මා කන්නැතුව සමහර දාට තුන්වේලම මට කවනවා..නගර සභාවේ වැඩ කරලා කුණු ඇදලා ඇවිත් මට සම්බලුයි පොලුයි එක්ක මොනා හරි කවනවා.. ඕශි, ආච්චි අම්මා ළග පවුඩර් සුවඳවත් හඳුන්කූරු සුවඳවත් කවදාවත් ආවේ නෑ... අනලා බත් කවද්දි මට ආවෙ කුනු ලොරිය ළගින් එන සුවඳ.. මට ඒක සුවඳයි ඕශි.. මැරිලා මැරිල එන අහිංසක මනුස්සයා මන් හින්දා ජීවත් උනා.. හිනා උනා.. එක දවසක් මට ගහලා නෑ.. අනිත් කොල්ලෝ එක්ක මට සෙල්ලම් කරන්නවත් යන්න දුන්නෑ.. උන් මට කුනු කතාවක් කියලා හිත රිද්දාවි කියලා බයේ. උන් මට හිනා වෙලා තියෙනවා උන් එක්ක සෙල්ලම් කරනකොට..එදායින් පස්සේ මන් උන් එක්ක සෙල්ලම් කරන්නවත් ගිහින් නෑ..

මට හම්බුනු එකම රෝස මල උබ කියලා ඔලුව අතගානවා බන්... මන් ඒ මනුස්සයට සැලකුවා ඕශි.. උබලට හිතාගන්නවත් බැරුවෙයි මන් ඒ මනුස්සයට දෙන්න පුලුවන් උපරිම සැප දුන්නා.. අන්තිම කාලේ කරගැට ඉලිප්පිලා දාඩිය පුසුඹ ආපු අත් වල තිබ්බේ රත්තරන්.. බෙල්ලේ මාල වළලු.. මුදු..ආච්චි අම්මා ලගින් ආවේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් වල සුවඳ.. ඇන්දේ බැංකොක් වලින් ගෙනාපු සාරී..

උබලට මිනාට වගේ ඉල්ලන ඉල්ලන දේ මට හම්බුන් නෑ.. ඒවා මන් මගේ විදියට earn කලා.. ජිම් ගිහින් මස් මාලු පිටි ගිලිලා එන උන් එක්ක මන් ෆයිට් කලා.. උන් එක්ක තුන් වේලටම සම්බලොයි පොලුයි කාපු මන් කරට කර හිටියා.. ආච්චි අම්මා දන්නැතුව උනත් මගේ තැලිච්ච ඇඟ අතගාලා බෙහෙත් තෙල් ගාලා තැව්ව.. මට කෙලින් හිටගන්න පණ නෑ බන් මුල් දවස් වල.. මේසිනෙත්ම වැඩිපුරම කලේ ගුටි කාපු එක.. මන් මැරුනත් උන්ට ගානක් නැති නිසා උන් ගහන එක ගැහුවා නිල් වෙන්න.. එපාර මන් පුරුදු උනා මුලින් මාව පරිස්සම් කරගන්න.. ඊලගට හෙමින් හෙමින් මන් තැනකට ආවා.. හම්බුන හැම සතේම දුන්නේ ආච්චි අම්මට.. එක සතයක් නෑ බන් මන් නාස්ති කරලා..නැහිලා නැහිලා කෙලින් එන්න බෑ සමහර දවස් වාට ඇවිදගන්න බෑ.. මිටි ගණන් සල්ලි ගෙනිහින් ආච්චි අම්මාට දුන්නම එක දෙයයි මගෙන් ඇහුවේ..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now