6️⃣2️⃣📎

474 125 60
                                    

මන් හිටියේ නියපොතුත් හප හප... ඇඟිලි දහයෙම ඒවා කටර් එක වගේ කාගෙන කාගෙන ගියා... ඒත් ඉවර නැති නිසා මන් ආයෙම හපා කෑවා...

වාර විභාගේ ළකුනූ....!!!!

විභාගේ ඉවර වෙලා දවසක් ගියේ නෑනේ අපේ මිස්ලා බලලා ඉවර කරපු පේපර් අරන්
ආවා.. බයෝ වලට නම් කට පාඩම් කරපු නිසා ඒකට නම් ළකුනු ඇති කියලා හිතෙනවා.. මිස් කණ්නාඩි දෙකකුත් දාගෙන පේපර් බන්ඩ්ල් වෙන් කරන ගමන් අපේ ක්ලාස් එකේ නම ලොකුවට ගහපු බන්ඩ්ල් එකක් අරන් පැත්තකින් තියලා කණ්නාඩි දෙක උඩින් මුලු පන්තිය දිහාම ඇස් ගෙනිච්චා...

අත් දෙකත් හීතල වෙලා.. කන්න නියපොතුත් නෑ.. ඕශිලා නම් කිසි ගානක් නෑ වගෙ ඩෙස්ක් එකේ ඔලුව ගහගෙන තට්ටුවක් දාන් සින්දුවක් මුමුනනවා..

ළකුනු අඩු උනොත්.. ලොකූගේ මූන මැවිලා පෙනෙද්දි මට ලොකු අම්මගේ අහිංසක මූන පෙනිලා නොපෙනී ගියා... මේ පළවෙනි වාරෙනේ... ඒ නිසා මේක තමා ලේසිම විභාගේ උසස්පෙළට තියෙන.. මේකටත් ළකුනු නැති උනොත්..... මන් ලොකු හුස්මක් පහත දැම්මා.. නැන්දලත් ගෙදර... ඊයෙත් මන් වැඩ කරනකොට ඇවිත් කියව කියව හිටියා...

"බී. හසිත  දුල්ශාන් ළකුනු 90% යි..වෙල්ඩන් පුතා.. ඒත් ටිකක් මදි බලන්න වැරදි මොනවද කියලා.. "

හම්මට.. මන් එකපාරට ඌ දිහා බලද්දි ඌ මූනත් ඇඹුල් කරන් තඩි කණ්නාඩි දෙකත් දාගෙන ගිහින් පේපර් එක ගත්තා.. ඌට වැඩිම ළකුනු වෙලත් ඌ මූන ඇඹුල් කරන්.. ලොකූගේ රං ඩිංගට වගේ නම් කොච්චර දෙයක් ද ඒ ළකුනු ටික.. සැක්.. මන් ආයෙ නියපොතු හපන්න ගත්තා... කීයක් ඇතිද.. පාඩම් කරාට බයයි අෆ්ෆා.. ලොකු අම්මා ඉහේ ඉදන් පට්ට ගහවි.. ඒකමයි මතක් වෙන්නේ......ම්ම්ම්..

" නිර්වාන් වර්ණසූරිය 89% යි පුතා.. "

දුල්ශාන්ගේ එහා පැත්තේ කොල්ලත් ගිහින් පේපර් එක අරන් ආවා... උන් තමා ඉස්සරහම පේලියේ ඉන්න මීටර්ම ටික.. වැඩි කතාවක් නෑ වැඩ විතරයි..

" බී.ඔශධ.. 88% යි පුතා.. තව මහන්සි වෙන්න දරුවෝ.. ඔයාලා දක්ශ ළමයිනේ.."

මායි ජබ්බයි පැනලා අත්පුඩියකුත් ගහද්දි ඕශි ඕනවට එපාවට මිස්ට හිනාවක් දාගෙන ගිහින් පේපර් එක අරන් ආවා.. සඳූ කියුවා තමයි ඕශිලා පට්ටයි කියලා..මූ නම් සිරාම බුවෙක්...

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Where stories live. Discover now