1 0 2

398 107 116
                                    

" උබ කොහේද යන්නේ..? "

සීතලම සීතල වතුර වලට බැන බැනම බූල් උදේම ලෑස්ති උනා.. රෑ තිස්සේ අඬපු ඇස් ඉදිමිලා රතු වෙලා තිබ්බත් ඒ කඩවසම් බව නම් අඩු වෙලා තිබ්බේ නෑ..

බූල් මේ උදේ පාන්දරම සැරසෙන්න මොන කොන්සට් එකට ප්ලේ කරන්නද කියලා දන්නැති මිනා ඇදේ හතර පැත්තටම අත් කකුල් දාගෙන ඇස් පියන් කෑගැහුවා... මිනා එයාගේ චූටි නිදිමත ඇස් අරින්නවත් මහන්සි උන්නෑ..


" චූටිගේ ආත්තම්මා කියුවා අද එයා කඩේ වැඩට යනවා කියලා.. මන් කඩේට ගිහින් බලන්නම්.. උබ දන්නවනේ මිනා චූටිගේ ලයින්.. ආදරෙයි කියලා කියවගන්නත් පස්කෑවේ නැති ටික විතරයි.. කොයි වෙලෙත් පපුවේ එල්ලුන ගමන්.. මන් කියන්න කලින් ඌ පපුව උඩ..  ඌ කොහොමද බන් සඳූව අමතක කරන්නේ.. "




බූල් මූනේ ක්‍රීම් ටිකක් ගාගෙන ඇඟ පුරාම එයාගේ පිච්ච මල් සුවඳ සෙන්ට් එක ගහගත්තා... එයාට මතක් වෙයි නේද.. පර්ෆියුම් බොට්ල් එක දිහා බලාගෙන බූල් අහද්දි මිනා ඇදේ ඉදගෙන කෑගහන්න ගත්තා..



" හා හා පලයන් පලයන්.. නාහෙන් අඬන්න ගත්තා අම්මගේ සිරිමත්..!!  ඌට තෝව මතක් වෙනවා සිරිමත් පගෝ.. ඒක ශෝට් ටර්ම් ඩිසෝඩර් එකක් විතරයි.. වදේ..  උකන්නැතුව පලයන්.. ඕන එකක් කරගනින්...

මුන් ලව් කරන්න මන් කටු කන්න.. සුමනත් නෑ.... මගේ බේබිත් නෑ.. මන් තනිවෙලා මේ සීතල මිටියාවතේ.. සේරම ක්ශය කරලා දාලා සිරිමත් බුන්වත් කරලා මලිතයව අවිනිශ්චිත ගිණුමකට දාලා චූටියගෙන් නිශ්පාදන ගිණුමක් හදලා මන් ඔය ඔක්කොම ඩිලිට් කරනවා..එක්කෝ ශේශ පිරික්සුමකට දානාව කියලා බොරු කියලා ජංගම වගකීම් වලට දාලා අඩු කරලා දානවා..හුවෑ.. මුන් නිසා මට ඒකවත් මතක නෑ.. හු..# කොහොම නිදාගනිපු එකෙක්ද මේ සීතලේ විසකුරු මල් එක්ක පිබිදිලා ඉන්නේ දෙයියනේ.. කොහේද උට්ටෝ මේ චූටියගේ ගම..රෙද්ද... ඒසීවත් නෑ මේතරම් සීතල..! වතුර අයිස් වගේ..බොක දාන්න බෑ බොන්න බෑ.. චූ කරන්න ගියත් චූත් සීතලයි.. හු# මුන් ලව් කරන්න මන් සීතලේ මැරෙන්න..!! හුවෑ උට්ට..!! "



මිනා දැනගත්ත නම් එයා කියන ඒවා අහන්න  කාමරේ ළග හිටියේ ටෝබි විතරයි කියලා..  අවුලක් නෑ.. ඌ ඒත් කියවනවා එහෙව් එකානේ මිනා.. අහ්ම්..

The Owner of Moon ❤ ( සඳේ අයිතිය සොයා🌙) KookV🌟Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ