අවසන් දිගහැරුම

180 28 8
                                    

" ඉතින් ඔයා ටේහ්‍යුන් කිව්ව විදියට සේයොන්ග්ව මැරි කරාද ?? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඉතින් ඔයා ටේහ්‍යුන් කිව්ව විදියට සේයොන්ග්ව මැරි කරාද ?? "

දුඹුරු ඇස්වල අයිතිකාරයා පුංචි හා පැටියෙක්ව තුරුල් කරන් අහනකොට හා පැටියා ඒ ඇස් දිහා බැලුවා...හැමදාමත් එයා වශී උන ඒ ඇස් !!

" හ්ම්...ටේහ්‍යුන්ගේ අන්තිම ඉල්ලීම උනේ ඒක...ඉතින් මන් ටේහ්‍යුන් ඉල්ලුව දේ කරා.."

" ඉතින් ඔයාට පුලුවන් උනාද සේයොන්ග්ට ආදරේ කරන්න ?? "

" මන් හිතන්නේ නෑ මන් එයාට ආදරේ කරා කියලා...මන් එයාට හුගක් ගරු කරා..ඇත්තටම මන් එයාට හොද හස්බන්ඩ් කෙනෙක් උනා...එයාත් මාව හොදට තේරුම් ගත්ත කෙනෙක්...ටේහ්‍යුන් යන්න කලින් හරිම කෙනා තෝරලා දිලා..."

ජන්ග්කුක් තොල් උල් කරන් කියනකොට දුඹුරු ඇස්වල අයිතිකාරයා එයාලගේ කතාව අහන් හිටිය ඩොක්ටරගේ අත අල්ලන් ජන්ග්කුක්ගේ අත උඩින් තිබ්බා..

" එහෙනම් කූ මේ ආත්මෙත් ඔයා මෙයාව බදින්න...මන් ඊලග ආත්මේ බලන්නම් !! "

" යාහ් කිම් ටේහ්‍යුන් !! "

බය වෙලා බලන් ඉන්න ඩොක්ටර්ගේ අතත් ඇතෑරලා ජන්ග්කුක් කෑ ගහනකොට හොස්පිටල් එකේ අයත් ගැස්සුනා..

ඒත් ඒක සාමාන්‍ය දෙයක් !!

" ආව්...ගහන්න එපා කූ...මගේ අත තාම රිදෙනවා..."

" ඔයා ඉතින් ඕනේ නැති කතා කියනවනේ.."

එයා ගහපු ටේහ්‍යුන් තාමත් බැන්ඩේජ් කරන් ඉන්න අත අතගාන ගමන් කියනකොට ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ කම්මුල් මිරිකුවා..

" පුතා ඇත්තටම ඒක මහ විකාර හීනයක්...මන් ඇත්තටම ආවේ ඔයාගෙන් සමාව ඉල්ලන්න කූ...මන් ඔයාව හැමතැනම හෙව්වා...ඔයා ගියාමයි මට තේරුනේ මන් ඔයාට හොද තාත්තෙක් උනෙ නෑ කියලා..නැතුව මන් ආවේ ඔයාගේ ටේටේව මරන්න නෙමෙයි.."

ඍthu | TK | CompletedWhere stories live. Discover now