තුන්වන දිගහැරුම

107 22 4
                                    

ජන්ග්කුක් ඇස් අරිනකොට එයා හිටියේ ඇදේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් ඇස් අරිනකොට එයා හිටියේ ඇදේ...ජන්ග්කුක්ට දැනුනා එයාගේ ඇදේ එහාපැත්තේ කවුරුම හරි ඉන්නවා කියල..තප්පර ගානකින් ජන්ග්කුක්ට නාදුන්න කෙනා කියපු දේවල් මතක් වෙනකොට එයාගේ ඇදේ එහා පැත්ත හැරිලා ඉන්න කෙනාව එයාගේ පැත්තට හරව ගත්තා..

" ම්ම්...කූ...."

තාමත් නිදිමතේ යාන්තම් ඇස් ඇරන් ඉන්න ටේහ්‍යුන් ගැඹුරු කටහඩින් මිමිනුවේ ජන්ග්කුක්ගේ පුදුමෙන් බෝල වෙලා තියෙන ඇස් දිහා බලාගෙනමයි..

" හ්...හ්‍යුන්ග්...මගේ හ්‍යුන්ග්...."

ජන්ග්කුක් ටේහ්‍යුන්ව බදාගෙන හයියෙන් අඩනකොට නිදිමතේ හිටපු ටේහ්‍යුන්ට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා..ජන්ග්කුක් අඩන නිසා නින්දත් කැඩෙනකොට ටේහ්‍යුන් හිමීට ජන්ග්කුක්ව එයාගේ ඔඩොක්කුවට අරන් ඔලුව අතගෑවා..

" කූ..මැණික...හීනෙන් බය උනාද ?? ම්ම්?? "
ටේහ්‍යුන්ගේ කටහඩ ඇහෙනකොට ජන්ග්කුක් තවත් හයියෙන් ඇඩුවේ ටේහ්‍යුන්වත් හොදටම බය කරලයි...ජන්ග්කුක් හේතුවක් නොකියා අඩනකොට ටේහ්‍යුන්ට මොකක් කරන්නද කියලා හිතාගන්න බැරි උනා...අන්තිමට අඩලා අඩලාම රතුවෙලා තියෙන ජන්ග්කුක්ගේ මුලු මූනම ඉබලා තමයි ටේහ්‍යුන් ජන්ග්කුකව නලෝගත්තේ..

" අපෝ...මගේ අඩන බබා...අඩලම මූනේ හැටි බලන්න...කෝ යමු අපි වොශ් එකක් දාගමු...අද අපි ඩේට් එකකට යන්නත් එක්ක හිටියේ..."

ජන්ග්කුක්ගේ තාමත් බේරෙන කදුලු පිහිදන ගමන් ටේහ්‍යුන් කියනකොට ජන්ග්කුක් හිනා උනා...ටේහ්‍යුන් ජන්ග්කුක්ව උස්සගෙනම ගිහින් බාතෲම් එකෙන් තියලා ජන්ග්කුක්ටත් ටූත් පේස්ට් දාලා බ්‍රශ් එක දීලා එයත් අරන් දත් මැද්දා..දෙන්නම එකට දත් මැදලා එකටම වොශ් දාගෙන ලෑස්ති උනේ ඇවිදින්න යන්න..

ඍthu | TK | CompletedWhere stories live. Discover now