සයවන දිගහැරුම

121 24 4
                                    

ටේහ්‍යුනුත් ජන්ග්කුක්ත් අතර සිදු උන ලිංගික සබදතාවයෙන් පස්සේ සමහර දේවල් හරි ඉක්මනට වෙනස් වෙන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේහ්‍යුනුත් ජන්ග්කුක්ත් අතර සිදු උන ලිංගික සබදතාවයෙන් පස්සේ සමහර දේවල් හරි ඉක්මනට වෙනස් වෙන්න පටන් ගත්තා...ඒ දෙයින් පස්සේ ටේහ්‍යුන් ජන්ග්කුක්ට තවත් ලන් උනත් ජන්ග්කුක් ටේහ්‍යුන්ට ලන් උනේ නෑ..

කොටින්ම මංගලා යෝජනාවලට කැමැත්ත පවා ජන්ග්කුක් දීලා තිබ්බා..!!

ජන්ග්කුක්ගේ මේ හදිසි වෙනස් වීම ටේහ්‍යුන්ට ලොකු ප්‍රශ්නයක් උනත් හැමෝම ඉස්සරහ ඒ ගැන කතා කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..තනිව කතා කිරීමට ජන්ග්කුක් අවස්ථාවක් ලබා දුන්නෙත් නෑ...ජන්ග්කුක් හැම වෙලේම කලේ ටේහ්‍යුන්ව මගහැරපු එක..

සමහරවිට ටේහ්‍යුන්ගේ වචන ඒකට හේතුවක් වෙන්න ඇති...

ඇත්‍ත...ඒ දෙන්නාට මේ ආත්මේ එකතු වෙන්න බෑ...එහෙම කලොත් ජන්ග්කුක් කුමාරයා නිසා බේරුනත් ටේහ්‍යුන්ගේ හිස ගසා දැමීම අනිවාර්යයි...ජන්ග්කුක්ට බෑ තමන්ගේ ආත්මාර්ථකාමීත්වය නිසා ටේහ්‍යුන්ගේ ජිවිතෙ නැති කරන්න..

ඉතින් ජන්ග්කුක් තීරණය කරා ටේහ්‍යුන්ගෙන් වෙන් වෙන්න !!

දුරින් ඉදන් ආදරේ කරන්න !!

" ආරක්ෂක කිම් !! "

ජන්ග්කුක් ගැන බර කල්පනාවක හිටිය ටේහ්‍යුන් ගැස්සිලා ගියේ මුලුතැන් ගෙයි වැඩ කරන පුංචි කෙල්ලෙක් ඇවිල්ලා ටේහ්‍යුන්ට කතා කරාමයි...

" ඔබ මාව දන්නෙහිද ?? "

පුංචි කෙල්ල ලගට පහත් වෙලා ටේහ්‍යුන් හිනා වෙලා අහනකොට කෙල්ල දත් නැති කට පෙන්නලා හිනා උනා..

" ඔබේ කඩවසම් බව නිසාම ඔබ මාලිගාවේ සේවිකාවන් අතර ප්‍රසිද්ධයි !! "

කෙල්ල හිනා වෙලා කියනකොට ටේහ්‍යුන්ට ලැජ්ජාවත් එක්ක මුසු උන හිනාවක් ගියා..ටේහ්‍යුන්ට මතක් උනේ ජන්ග්කුක්ව...මොකද ජන්ග්කුක් දවසට එක පාරක් හරි ටේහ්‍යුන් කඩවසම් බව පවසනවනේ..

ඍthu | TK | CompletedWhere stories live. Discover now