පලමු දිගහැරුම

341 33 6
                                    

ජන්ග්කුක් කැෆේ එක ඉස්සරහ තියෙන බංකුවේ වාඩිවෙලා බිම නොගෑවෙන කකුල් එක්ක බලාගෙන හිටියේ එහා පැත්තේ තියෙන අයිස්ක්‍රීම් ට්‍රක් එකෙන් අයිස් ක්‍රීම් ගන්න එයාගේ පෙම්වතා දිහායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් කැෆේ එක ඉස්සරහ තියෙන බංකුවේ වාඩිවෙලා බිම නොගෑවෙන කකුල් එක්ක බලාගෙන හිටියේ එහා පැත්තේ තියෙන අයිස්ක්‍රීම් ට්‍රක් එකෙන් අයිස් ක්‍රීම් ගන්න එයාගේ පෙම්වතා දිහායි..

හීනි කෝපි පාට ඇස්, නාදලු වන් තොල් , ටෑන් කලර් හම ජන්ග්කුක්ගේ ඇස් හැම තප්පරයක්ම වශී කරනවා..

ජන්ග්කුක්ට මතකයි ටේහ්‍යුනුයි එයයි මුලින්ම මුන ගැහුන විදිය...ටේහ්‍යුන් එයාට වඩා අවුරුදු පහක් වැඩිමල්...ජන්ග්කුක් එතකොට පුංචි උනත් ටේහ්‍යුන් එයාට උගන්නන්න ආපු දවසෙමයි ජන්ග්කුක්ගේ හිත ටේහ්‍යුන්ට ගියේ..

ඔව් ටේහ්‍යුන් කියන්නේ ජන්ග්කුක්ගේ tutor !!!

ජන්ග්කුක් හැම subject එකකටම ඉහලින්ම ලකුණු ගත්තාත් ජන්ග්කුක්ගේ  english knowledge එක බිංදුවයි..හැමපාරම වගේ english නිසා ජන්ග්කුක්ගේ ක්ලාස් එකේ වෙනියා පස්සට යනවා...ජන්ග්කුක්ට ඒක ලොකු පීඩනයක් ගෙනවා..මොකද ජන්ග්කුක්ගේ තාත්තා හරිම වසයි...ජන්ග්කුක්ගේ තාත්තා මිනිස්ටර් නිසා ජන්ග්කුක් අනිවාර්යයෙන්ම ඉහලම ලකුණු අරගෙන පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වෙන එක අනිවාර්යය උනා..

මොකද තාත්තාගේ නම එයා ගෙනියන්න ඕන !!

අනික ජන්ග්කුක්ට ඉන්නේ තාත්තා විතරයි...ජන්ග්කුක්ගේ අම්මා එයාව දාලා යන්නේ ජන්ග්කුක් පුංචි කාලෙමයි...එක එක මේඩ්ලා එක්ක හැදුන ජන්ග්කුක් බිසී තාත්‍තා කෙනෙක් එක්ක හැදුනේ තනිකමෙන්..පාලුවෙන්..

ජන්ග්කුක් ආදරේ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ !!

ජන්ග්කුක්ගේ ජීවිතේට ආදරේ ගෙනාවේ...එයාගේ ජිවිතේ පාලුව , තනිකම මැකුවේ ටේහ්‍යුන්...

ඍthu | TK | CompletedWhere stories live. Discover now