28.

1.3K 284 63
                                    

මං මගේ අතේ තිබ්බ එයාපොඩ් කේස් එක අතටම තද කරගත්තේ හිතට ආව හදිසි ගැස්ම පිටකරගන්න ඕනාවට. තුහින අයියව තුරුල් කරන් ඉන්න කෙල්ලව දැක්කාම මට හිතුනෙම මං මනෝ විකාර දකිනව කියල. ඒ තරම් ඒ දර්ශනේ මගේ හිතට බරයි..

ඒ දිහා තවත් බලන් ඉන්න බැරි තැන මං හැදුවෙ ආපහු හැරිල යන්න උනත් මට කලින් අසලි ඉස්සර උනා.. ගේට්ටුව ගාව හිටගන ඉන්න මාව දැක්ක අසලිගෙ මූනෙ ඇදුනෙ නම් ඒ තරම් සතුටුදායක පෙනුමක් නෙවෙයි..

අසලි මගෙ දිහා රවාගන බලන් ඉද්දි මට දැනුනෙ තවත් අපහසුතාවයක්. ඒ එක්කම වගේ අසලි බලන් ඉන්නෙ කොහෙද බලන්න වගේ තුහින අයියත් මගෙ දිහා බැලුවෙ අර කෙල්ලත් තුහින අයියව බදාගනම මගෙ දිහා බැලුවා.

මාව දැක්කාම තුහින අයියාගෙ මූණෙ ඇදුනෙ හිනාවක් උනත් ඒ හිනාව දැකපු අර පොඩි කෙල්ලගෙ මූණ අදුරු උනා මම හොදටම දැක්කා.

"නිදුක්.. ඔයා මොකද මෙහෙ?"

තුහින අයියා අර කෙල්ලව පැත්තකට කරන ගමන් මං ගාවට එන්න හදද්දි අසලි එහෙම ඇහුවාම මම කලේ ආයාසෙකින් හිනාවුන එක.

"ම්-මං මේ..."

"නිදුක්... ඇයි පැටියො?"

අසලි මගෙ දිහා කන්න වගෙ බලාගන එහෙම අහපුවාම මම වචන පටලවගන උත්තර දෙන්න හදද්දි මගෙ ලඟට අඩියට දෙකට ආව තුහින අයියා හිනාවෙලා එහෙම ඇහුවේ මගෙ හිතට අමුතු සතුටක් කික් එකක් ගෙනල්ලා.. මගෙ ඇස් ඉබේටම පිටිපස්සෙන් හිටිය කෙල්ලො දෙන්නා ලඟට යද්දි උන් දෙන්නගෙම මූණු ශේඩ්ස් දෙකකින් කලු ගැහිලා තිබුනේ මම හිත යටින් හෙන ආත්මාර්ථකාමී විදියට හිනාවෙද්දි..

"සිතූ අයියා.. මේ කව්ද?"

තුහින් අයියව බදාගන හිටපු කෙල්ල ආයෙම පාරක් තුහින අයියගෙ අතේ එල්ලිලා එහෙම අහද්දි තුහින අයියා ඒ කෙල්ල එක්ක හිනාවෙලා ආයෙම මගේ දිහා බැලුවා.

"මෙයාද.. මෙයා මගේ--"

"ඩ්‍රයිවර්.. මේ තුහිනගෙ ඩ්‍රයිවර් නංගා..ලංකාවෙ ඉන්න ටිකට හොයාගන තියෙන්නෙ"

තුහින අයියට එයා කියන්න ආව දේ සම්පූර්ණ කරගන්න හම්බුනේ නැත්තේ අසලි පුරුදු විදියටම මැදින් පැනපු නිසා. ටෙක්නිකලි අසලි කිව්ව් දේ හරි උනත් ඒ වචනෙන් මට ටිකක් රිදුනා..

ඇහි පිල්ලම් යට (TaeKook)Waar verhalen tot leven komen. Ontdek het nu